බිදුනු හිත් ඇති අයට අපහු හිත සුවපත් වෙන්න පිනක් දහමක් කරන්න ආපු ගොඩාක් අය හිටියා, ආදරෙන් ඉන්න අය හැමදාම ඒ විදිහට ඉන්න පුළුවන් වෙන්න ප්‍රර්ථනා කරපු, ජීවිතෙ සතුටින් ගෙවන්න උපදෙස් ගන්න බහුතරයක් ඇවිත් හිටියා. ඒ විතරක් නෙමේ. වයස් ගත දෙමවුපියො ගොඩාක් ඇවිත් හිටියා. පොඩි නංගිල, මල්ලිලා ඇවිත් හිටියා. ගනන්කරන්න බැරි තරම් සෙනගක් ඇවිත් හිටියා.
දැනට පිරිහෙමින් පවතින අපේ සාරධර්ම ඉදිරියෙදිත් කොහොමද පවත්වගන්නෙ , බෝසත් චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ ගැන තමා අපේ පින්වත් ස්වාමීන්වහන්සේ අපට කියලා දුන්නේ.
මම මේ සහභාගී වූ පලමු වෙවැනි වැඩසටහනයි. මෙතන සිට මමද හැම වැඩ සටහනකටම සහභාගී වීමට අදිටන් කර ගතිමි. ඔයාලටත් පුළුවන්නම් ඇවිත් බලන්න. මෙවැනි යොවුන් වැඩසටහන් ගොඩාක් පැවැත්වෙන්වා කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවගෙ අනුශාශකත්වයෙන්. ලබන අවුරුද්දෙ පෙබරවාරි 14 වෙනකල් බලන් ඉන්න ඕනෙ නැ. එන්න ලැජ්ජා ඇති කර ගන්න එපා. එක දවසක් ඇවිත් බලන්න. ඔයලාට හිතියි හැමදාම එන්න. මම අත්දැකීමෙන් කියන්නේ. තරුණ අය තමා ගොඩාක් ඉන්නෙ. වයස යනකොට ඇතිවෙන ප්‍රශ්නෙ තමා "මේවා කරන්න දැන් අපට කාලයක් නැ. අනේ අපට මීට කලින් මේ දේවල් දැනගන්න තිබුන නම්" කියලා. ඉතින් තරුණ අපට ඔය ලැබිලා තියෙන්නේ හොද අවස්ථාවක්. "අනේ තව අපට ඕවට කල් තියෙනවා. වයසට ගියාම බැරියැ" (සමහරු මට මෙහෙම කියලා තියෙනවා. ඒ වාගේම මමද එම මතය අනුමත කල කාලයක්ද තිබින.) කියලා ඉදලා වයසට පත් උනාම අර විදිහට( "මේවා කරන්න දැන් අපට කාලයක් නැ. අනේ අපට මීට කලින් මේ දේවල් දැනගන්න තිබුන නම්" )
මේ දෙයද නොකියාම බැරිය. අපි ගොඩාක් ස්‍වමීන් වහන්සේලාට ගෞරව කරන්‍නට අකමැති බවක් තියෙනවා. ඒ අපි දන්‍න ස්‍වාමීන් වහන්සේලාගේ අකටයුතු කම් නිසායා. මාද කලකට පෙර මේ මතයෙ සිටියා මතකය. ඒ මම ඒ පිලිබදව අනවබෝධයෙනි. අද මට ඒ දෙය තේරී ඇත. ඔබලාද දැනුවත් කිරීමට කැමැත්තෙමි. අපට හමුදුරුවගේ හැසිරීම වැදගත් නැත. අප ගරු කරන්නේ බුද්‍ධ ශාවකයෙක් වූ නිසාය. අපි ගුරුවරයෙක් ගාවට යන්‍න තීරණය කරන්නේ. මොනවාහරි ඉගෙන ගන්‍නය. එහෙම වෙනකොට අපිට ගුරුවරයාගේ චරිතය වැඩක් නැත. පුද්‍ගලික ජීවිතය වැඩක් නැත. අපට හරියට උගන්‍වහවානම් එපමනය. අපි ඒ දෙය විතරක් ගන්නේය. ඉහත සදහන් කල දෙයද එලෙසමය. අපි කරන ගෞරවයෙන් අපට පිනක් ලැබේ. එතුමන්‍ලා කරන පව් එතුම්‍න්‍ලාටය. එහෙම කරන්‍න අමාරු කටයුත්‍තක් කියලා හිතන අයට මේ දෙයින් ඒ පිලිබදව උනන්‍දුවක් ඇති වීම පිනිස මේ පිළිබදව සදයන් කලෙමි.
කිරිබත්ගොඩ ඤානානන්ද ස්‍වමීන් වහන්සේ පිලිබද නොකියාම බැරිය. මා දන්‍නා පරිදි මෙහි වාසය කරන පින්‍වත් ස්‍වමීන් වහන්සේ අතරින් එක් ස්‍වමීන් වහන්සේ නමකි.(මෙසේ සදහන් කලේ ඉහත සදහන් කල ස්‍වමීන් වහන්සේලා අතරට මෙතුමාත් අතුලත් කරාවි යන බියනි.)
මා සැකසූ මෙම ලිපියෙන් එක් අයකුගේ හෝ සිත කුසලට යොමු වී නම් ඒ මගේ සතුටය........
එහි පින්‍තූර කිහිපයක් ඔබට දැක ගැනීම පිනිස මෙසේ අතුලත් කලෙමි. අපහැදිලි බාවය පිලිබදව සමාව අයදිමි.
This sounds like a really nice programme, I hadn't heard of t before, although I've been to Rev. Gnanananda Thero's youth programmes sevral times (but that was about 5 years ago). Thank you for posting... mage sithath pasan wuna.
ReplyDeleteම්.එකනම් ගොඩක් ප්‍රයොජනවත් වැඩක්...බොරුවට තැගී බෝග අරන් දෙන්න සල්ලි වියදම් කරනවට වඩා මොනතරම් දෙයක්ද දෙන්නත් එක්ක පන්සල් ගිහින් බුදුන් වඳින එක.හිතට කොයිතරම් සැනසීමක් ලබෙනවද පන්සලෙදී...
ReplyDelete@Angel ------
ReplyDeleteඔබේ සිත පසන් උනා නම් එයයි මගේ පැතුම, සතුට...
ස්‍තුතියි ඔයාගෙ comment එකට.
@මම ------
ඊට වඩා ඒකෙදි කියලා දෙන දහම් කරුණු. ඒවා ඇහුවම හිත නිවෙනවා. හිතට කියන්‍න බැරි තරම් නිදහසක් ලැබෙනවා. පන්‍සලෙ තියෙන සිල්‍වත් සුවද ඇගට දැනෙනකොට අපට දැනෙන, හිතට දැනෙන සතුට කියලා නිම කරන්‍න බැහැ.
ස්‍තුතියි ඔයාගෙ අදහසට
තව පිංතුර ටිකක්
ReplyDeletehttp://picasaweb.google.com/dil.uditha/Kelaniya_Programme?feat=content_notification#
@සුජිත් පිරිස් ---
ReplyDeleteස්‍තුතියි
nice... keep posting these kind of articles...
ReplyDelete