Sunday, April 18, 2010

i-ෆෝන් වැඩ පෙන්නන්න අලුත් මෙවලම්

ඔන්න මුලින්ම හැමෝටම සුබපැතුම ......... සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....

ටික දවසක් නොලිය හිටියෙ කැමැත්තකින් නෙමෙ. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි. ඒ කියන්නෙ busy නෙ...මේ දවස් ටිකට i-phone ලෝකෙ ගොඩාක් වෙනස් වෙලා.කියන්නම්කො මොනවද ඒ කියලා..

මතකනෙ මම කිව්වා ipad එකට එකට OS එක beta තියෙනවා කියලා..ඉතින් දැන් තියෙන SDK එකෙන් ipad එකට application හදන්න පුලුවන් ඒ විතරක් නෙමෙ හදන applicaiton itune එකට දාන්නත් පුලුවන්.

ipad එකට applicatin හදන මේ SDK එක පැත්තකින් තියලා apple සමාගම අලුත් beta SDK එකක් හදලා..ඔන්න දැන් developer ලාට ගන්න පුලුවන්.මම අරගෙන බැලුව මොනවාද මේකෙ තියෙන්නෙ කියලා...කියන්නම්කො ඒකෙ තියෙන දේවල් ටිකක් මේ post එකේම.

ඔය කලින් කියපු SDK eka විතරක් නෙමෙ . iphone එකට අලුත් OS එකකුත් හදලා දාලා තියෙනව..අලුත් SDK එකෙන් හදන්න ඒවාට අලුත් OS එකක් ඕනෙනෙ.

මේ අලුත් OS එක ගොඩාක් වැදගත් වෙන්නෙ iphone 3GS , phone වලට. ඒ කිනන්නෙ මේකෙ වැදගන් ම දේ වැඩ කරන්නෙ iphone 3GS එක එක්ක විතරයි.ටිකක් දුක හිතුනාද 2G, 3G phone තියෙන අය. හිත හදා ගන්නකො ඔයිට වඩා දුක හිතෙන දෙයක් තියෙනවා.පස්සේම කියන්නමොකො.දැන් කැමති ඇතිනෙ මොකක්ද මේ 3GS එකට විතරක් වැඩ කරන වැදගත්ම දේ මොකක්ද කියලා.ඒ තමා Multi tasking . නමෙන්ම තේරෙනවා නේද මොකක්ද මේකෙන් වෙන්නෙ කියලා. හරි මම උදාහරනයක් කියන්නම් iphone එකේ මේක වැඩ කරන්නෙ කොහොමද කියලා. iphone එකෙ mail application එකෙ mail එකක තියෙන link එකක් tap කරපුවාම iphone mobile browser එක open වෙනවා කියලා දන්නවා ඇතිනෙ.ආපහු අපට mail application එකට යන්න බැහැනෙ අපහු අර mail එක බලන්න. ඒ කියන්නෙ එක පාරකට run වෙන්නෙ එකනෙ.ඒත් ඔය අලුත් OS එකෙන් ඔය විදිහට එකක ඉන්න කොට අනිත් application run කරන්න වගේම ඒවාගෙන එකිනෙකට move වෙන්න පුලුවන්. මම හිතන්නෙ iphone use කරන අයට ඒක හොද ආරන්චියක්. හැබැයි ඉතින් 3GS එකක් ඕනෙ.

ඔය crack කරපු ඒවා පාවිච්චි කරන අය ඉන්නවානම් මම මේ කියන්න යන දේ ගොඩාක් වැදගත්.crack කරන ඔය crack එක අලුතින් හදන්න ටික දවසක් යනවානෙ. ඒ කියන්නෙ OS එක apple සමාගමෙන් release කරපු ගමන් crack එක හදන්නෙ නැහැනෙ. ඉතින් ඔය crack එක හදන්න කලින් iphone එක update කරගන්න එපා අලුත් OS එකට. එතකොට iphone OS එක පරන OS එකට මාරු කරගන්න බෑ කියලා තමා කියන්නෙ..ඒත් අපි වගේ iphone වැඩ දාන අයටනම් කරගන්න පුලුවන් වෙයි.මොකද මට ඒක කරන්න පුලුවන්. මම එහෙම කලා..දැනට එහෙම කරගන්න ඕනෙ කෙනෙක් ඉන්නවානම් මට කියන්නකො. තව දෙයක් .... OS 3.1.3 වලට crack එකක් එන්නෙ නැහැ. මොකද OS 4 එක එනකොට පරන එකට හදන එක තේරුමක් නැහැනෙ. ඒක හින්දා OS 4 එකට හදන්න බලාගෙන ඉන්නවා කියලා තමා කියන්නෙ.

මෙන්න මම අර කියපු දුක හිතෙන දෙය. 3GS එක නැති කමට දුක හිතෙන අයට කොහොමද apple සමාගමෙන් තව අලුත් phone එකක් release කරනවා කියලා දැන ගත්තම. ඔන්න තව ටික දවසකින් iphone 4 කියලා තව gen: එකක් release කරයි තව ටික දවසකින්. සල්ලි ගෝනියක් තියාගෙන ඉන්න ඕනෙ මේ ගොල්ල මේ release කරන තරමට අපි ඒවා සල්ලි දීලා ගන්න. දැනට 2G එක ගනන් ගන්නෙම නැහැනෙ apple සමාගම. දැන් 3G එකටත් ඒකම තමා කරන්න හදන්නෙ.