Thursday, July 1, 2010

අයි ෆෝන් 4 සහ iphone OS 4 -අලුත් ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවාද?

ගොඩ දවසකින් ගොඩ වැදුනේ මේ පැත්තට..මේ දවස් වල ටිකක් තදට busy ඒකයි හේතුව. ඒ ගෙවුන දවස් ටිකට apple වලින් වැඩ ගොඩක් කරලා. මේ අය ඉතින් අලුත් අලුත් දේවල් ඉක්මනටම එලියට දානවනේ...

iPhone 4
අලුත්ම iphone එකක් release කලා කියලා දන්නවා ඇතිනේ..ඒකෙ තියෙන අලුත් වැඩ ගැන මේ වෙනකොට දන්නවා ඇතිනේ.. මම කියන්න යන්නෙ ඒකෙ තියෙන අඩු පාඩු ටිකක්.

iphone4 එකක් ගන්න බලාගෙන ඉන්නවානම් මේ ගැන පොඩ්ඩක් කියවලා බලන එක ගොඩාක් වැදගත් . ඔය අලුත් ෆෝන් එකේ තියෙන ලොකුම අවුල signal drop වෙන එකනෙ.. ඒක වෙන්නෙ කොහොමද කියලා මට ඔයාලට කියන්න පුලුවන් .. ඒත් ඒක ඔයාලට වැදගත් වෙන එකක් නැහැ කියලා හිතනවා.වැදගත් වෙන්නෙ කොහොමද ඒක වලක්ව ගන්නෙ කියන එකනෙ.. හරි ඒකට කරන්න හියෙන්නෙ හරිම පොඩි දෙයක් අයි ෆෝන් එකට cover එකක් අරගෙන දාගන්න එක.. ඒකට හරියන cover එක ඔන්න ඇපල් සමාගම මේ වෙනකොට release කරලා තියෙනවා. හැබැයි ඉතින් ඒකත් සල්ලි වලට තමා ගන්න වෙන්නෙ..මම දන්න විදිහට $29.(හරියටම sure කරලා කියන්න බැහැ)

iphone 4 එකේ video call තියෙනවා කියලා කියනවානේ... මට කියන්න ඕනෙ උනේ මේ video call ගන්න පුලුවන් වෙන්නෙ wifi හරහා.. ඒ කියන්නෙ ඒකට වෙනම ගානක් අය වෙන්නෙ නැහැ.. ඒකනම් ඉතින් හොද දෙයක් නේද ? ඒත් wifi නැති උනාම sorry තමා.. අනික video call ගන්න පුලුවන් වෙන්නේ iphone 2ක් හරහායි.. ඒ කියන්නෙ නොකියා වගේ ඒවත් එක්ක video call ගන්න බැහැ..

මේ ෆෝන් එකේ තියෙන හොද දේවල් ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියලා හිතනවා.. ඔයාලා දන්නවා ඇතිනේ..

මේ එක්කම් OS4 release කලා ඒකෙත් ගොඩාක් අලුත් දෙවල් තියෙනවා.. ඒවා ඔයාලා දන්නවා ඇති මොකද දැන් OS එක release කරලා ගොඩාක් දවස්නේ.. ඒකයි. මම post එක දාන්න පරක්කු උනානෙ.. :D . මේහෙත් තියෙන අඩුපාඩු පොඩ්ඩක් කියන්නම් ..
මේ OS එක පට්ට slow...මම හිතන්නේ ඒකෙ තව හදන්න දේවල් තියෙනවා කියලා . හිතනවා ලගදිම os update එකක් එයි කියලා...
මේ OS එකේ GPRS/3G වැඩ කරන්න setting හදන්න බැහැ.. මොකද මේකෙ ඒ setting autosearch කරලා ගන්න තමා හදලා තියෙන්නෙ. ඒත් ඉතින් අපේ රටේ ඒවා නැහෑ. ඒකට ඉතින් අපට කරන්න වැඩ තියෙනව.. එහෙම කරගන්න ඕනෙ කෙනෙක් ඉන්නවානම් කියන්න..

අපේ කාලි0ග කොහොමහරි හැදුවා කියමුකො iphone එකට සි0හල දන්න unicode font එකක් ..අනේ ඉතින් මෙන්න දනෙ අලුත් OS එකේ sinhala වැඩ කරනව එලටම (browser එකෙ)

@කාලි0ග - අපි වලක් කැපුවොත් එතනත් ගෙම්බෙක් ...
.....................................
iPad එක ගැන දන්නවානේ.. ipad එකට නම් මේ අලුත් OS එක තාම ආවේ නැහැ..ඒක එන්නේ fall වලට පස්සේ කියනවන්නෙ.. iphone os update එකත් ඔය එක්කම එයි..

එහෙනම් බලන්නකො iphone/ipad එකක් අලුතින් ගන්න... එහෙනම් ජය වේවා.....