Monday, May 24, 2010

iPhone එකක් ලග තියෙනවානම් හරි ගන්න හිතේ තියෙනවානම් අනිවාරයෙන්ම කියවන්න

ඔන්න මම ආයේත් අලුත් post දාන්න හදන්නේ අලුත් විස්තර ටිකකුත් එක්ක. මේක වැදගත් වෙන්නේ iphone2G, iphone3G තියෙන අයට.ඒ වාගේම iphone එකකට අලුත් software ටිකක් ගැන කියන්නත් කියලා හිතුවා.
ඊට කලින් කියන්නම් මොනවාද මේ generation වල තියෙන වෙනස් කම් කියලා.
iphone 2G - මේකෙ 3G නෑ.. මතක විදියට GPRS නැහැ.සද්දෙ පොඩ්ඩක් අඩුයි.
iphone3G - මේකෙ video recording නැ.iphone 2G එකේ නැහැ කියපු දේවල් මේකෙ තියෙනවා. cam එක 2megapixels. AcutoFocus නැහැ.
iphone3GS - ඕකෙ තියෙන අලුත් features ටික මෙහෙම කියන්නම්කො.
  1. performance 2x වලින් වැඩි වෙලා තියෙනවා.
  2. video camera හා video editing තියෙනවා.
  3. voice Controller තියෙනවා.
  4. compass තියෙනවා.
ඔන්න ඕවා තියෙන වෙනස්කම්. iphone එකට මට අඩුයි කියලා හිතෙන features කියන්නයි මම දැන් ලැහැස්ති වෙන්නේ. මම මගේ iphone එක්ක මටනම් ඔය මම පල්ලහ කියලා තියෙන දේවල් තමා ඕන කලේ.
  • SMS deliver report
deliver report එකක් තිබුනනම් හොදයි කියලා හිතුනා. ඒ කියන්නෙ SMS එකක් යවලා ඒ එක්කෙනාට ඒක ලැබුනාම පොඩි report එකක් එනඑක එයාට ඒක ලැබුනා කියලා.(ඔය nokia phone වල එහෙම තියෙන්නේ).මේන්න මේක phone එකට built-in එන්නෙ නැහැ.

  • SMS text counter
මේ කියන්නෙ අපි phone එකේ sms type කරනකොට කොච්චර දැනට type කරලා තියෙනවාද කියලා .මොකද අපිට එක SMS එකකට (පලවෙනි එකට) character 160 ක් නේ දෙන්නෙ.. ඉතින් අපි අකුරු 162ක් ගැහුවොත් අපරාදෙනෙ SMS එකක සල්ලි.
Compass
  • iphone Lock application
මේකෙන් අපට පුලුවන් අපට අවශ්‍ය photo / video එහෙම වෙන කාටවත් බලන්න නොදී lock කරලා තියාගන්න.(phone එක බලන්න ඉල්ල ගන්න හැමෝම ඉස්සල්ලාම බලන්නෙ ඔය කිව්වා ටිකනේ(phone and video))

ඔන්න ඔයවගේ දේවල් ටිකක් තමා මට දැනට ඕන උනේ.ඉතින් මම දැන් කියන්න යන්නෙ වැදගත්ම දේ..
iphone2G එකක් තියෙන අයට දුක් වෙන්න ඕනෙ වෙන්නේ නැහැ iphone 3GS එකක් හැහැ කියලා. ඒ වාගේම iphone3G 3කක් තියෙන අය දුක් වෙන්න ඕනෙ නැහැ iphone 3GS එකක් නැහැ කියලා.
අපට පුලුවන් iphone3GS එකේ තියෙන







voice control



video edinting and recording

Compass

ඔය applications තමන්ගෙ 2G හරි 3G හරි iphone එකකට දාගන්න. හැබැයි ලේසිම නැහැ.

ඒ විතරක් නෙමෙ.අර මම කලින් කිව්වෙ මට ඕන උන features ටිකක් ගැන(SMS deliver report,SMS text counter,iphone Lock application). අන්න ඒ ටිකත් ඔය ඕනෙම iphone එකකට දාගන්න පුලුවන්.
ඕක කරගන්න ඕන ඒත් ඒදේ කරගන්න අමාරු කෙනෙක් ඉන්නවානම් මට පුලුව උදවු කරන්න ඒකට.