Wednesday, November 10, 2010

අලුත් දෙයක්


ඔන්න ගොඩ දවසකට පස්සෙ මෙ පැත්තෙ ගොඩ උනෙ. එහෙම කිව්වට ලිපි කියවන එකනම් ඇතෙරියෙ නැ. කියන්න ගොඩක් දෙවල් තියෙනව කියන්න. කො ඉතින් වෙලාවක් නෑහෑනෙ.

අලුතින් අයි ෆොන් OS එකක් release කලා කියලා ද
න්නවා ඇතිනෙ. ඒ කියන්නෙ --- OS4.2 ඔක ඔය ipad/iphone දෙකම එකටත් develop කරන්න පුලුවන්නෙ. ඔය පල්ලහ තියෙන්නෙ ipad එකෙ කොහොම ද අලුත් OS එක පෙන්නෙ කියල. ඉතින් දැන් developent කරන අයට iphone/ipad දෙකටම එ
කම application එකක් develop කරන්න පුලුවන් වෙන විඩිහට කරන්න පුලුවන්. ඔය වගේ ගොඩක් දෙවල් වෙනස් උනා. ආ ආ කියන්න අමතක උන තම මෙ OS එක ඔයලට download කරන්න බෑ. තාම developer account එකක් තියෙන අයට විතරයි පුලුවන්.
තව අලුත්ම දෙයක් වෙනව අද මෙ aplle computer වලට අලුතින් OS එකක් release කරනවා. ටාමනම් OS එක -- කරලා නෑ වගෙ. මෙන්න මෙතන කොටන්න එකෙ විස්තර බලන්න http://www.apple.com/macosx/lion/

එහෙනම් පස්සෙ ආයම සෙට් වෙන්නම් . මෙ දවස්වල iSaman ට වැඩ වැඩියි


Thursday, July 1, 2010

අයි ෆෝන් 4 සහ iphone OS 4 -අලුත් ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවාද?

ගොඩ දවසකින් ගොඩ වැදුනේ මේ පැත්තට..මේ දවස් වල ටිකක් තදට busy ඒකයි හේතුව. ඒ ගෙවුන දවස් ටිකට apple වලින් වැඩ ගොඩක් කරලා. මේ අය ඉතින් අලුත් අලුත් දේවල් ඉක්මනටම එලියට දානවනේ...

iPhone 4
අලුත්ම iphone එකක් release කලා කියලා දන්නවා ඇතිනේ..ඒකෙ තියෙන අලුත් වැඩ ගැන මේ වෙනකොට දන්නවා ඇතිනේ.. මම කියන්න යන්නෙ ඒකෙ තියෙන අඩු පාඩු ටිකක්.

iphone4 එකක් ගන්න බලාගෙන ඉන්නවානම් මේ ගැන පොඩ්ඩක් කියවලා බලන එක ගොඩාක් වැදගත් . ඔය අලුත් ෆෝන් එකේ තියෙන ලොකුම අවුල signal drop වෙන එකනෙ.. ඒක වෙන්නෙ කොහොමද කියලා මට ඔයාලට කියන්න පුලුවන් .. ඒත් ඒක ඔයාලට වැදගත් වෙන එකක් නැහැ කියලා හිතනවා.වැදගත් වෙන්නෙ කොහොමද ඒක වලක්ව ගන්නෙ කියන එකනෙ.. හරි ඒකට කරන්න හියෙන්නෙ හරිම පොඩි දෙයක් අයි ෆෝන් එකට cover එකක් අරගෙන දාගන්න එක.. ඒකට හරියන cover එක ඔන්න ඇපල් සමාගම මේ වෙනකොට release කරලා තියෙනවා. හැබැයි ඉතින් ඒකත් සල්ලි වලට තමා ගන්න වෙන්නෙ..මම දන්න විදිහට $29.(හරියටම sure කරලා කියන්න බැහැ)

iphone 4 එකේ video call තියෙනවා කියලා කියනවානේ... මට කියන්න ඕනෙ උනේ මේ video call ගන්න පුලුවන් වෙන්නෙ wifi හරහා.. ඒ කියන්නෙ ඒකට වෙනම ගානක් අය වෙන්නෙ නැහැ.. ඒකනම් ඉතින් හොද දෙයක් නේද ? ඒත් wifi නැති උනාම sorry තමා.. අනික video call ගන්න පුලුවන් වෙන්නේ iphone 2ක් හරහායි.. ඒ කියන්නෙ නොකියා වගේ ඒවත් එක්ක video call ගන්න බැහැ..

මේ ෆෝන් එකේ තියෙන හොද දේවල් ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියලා හිතනවා.. ඔයාලා දන්නවා ඇතිනේ..

මේ එක්කම් OS4 release කලා ඒකෙත් ගොඩාක් අලුත් දෙවල් තියෙනවා.. ඒවා ඔයාලා දන්නවා ඇති මොකද දැන් OS එක release කරලා ගොඩාක් දවස්නේ.. ඒකයි. මම post එක දාන්න පරක්කු උනානෙ.. :D . මේහෙත් තියෙන අඩුපාඩු පොඩ්ඩක් කියන්නම් ..
මේ OS එක පට්ට slow...මම හිතන්නේ ඒකෙ තව හදන්න දේවල් තියෙනවා කියලා . හිතනවා ලගදිම os update එකක් එයි කියලා...
මේ OS එකේ GPRS/3G වැඩ කරන්න setting හදන්න බැහැ.. මොකද මේකෙ ඒ setting autosearch කරලා ගන්න තමා හදලා තියෙන්නෙ. ඒත් ඉතින් අපේ රටේ ඒවා නැහෑ. ඒකට ඉතින් අපට කරන්න වැඩ තියෙනව.. එහෙම කරගන්න ඕනෙ කෙනෙක් ඉන්නවානම් කියන්න..

අපේ කාලි0ග කොහොමහරි හැදුවා කියමුකො iphone එකට සි0හල දන්න unicode font එකක් ..අනේ ඉතින් මෙන්න දනෙ අලුත් OS එකේ sinhala වැඩ කරනව එලටම (browser එකෙ)

@කාලි0ග - අපි වලක් කැපුවොත් එතනත් ගෙම්බෙක් ...
.....................................
iPad එක ගැන දන්නවානේ.. ipad එකට නම් මේ අලුත් OS එක තාම ආවේ නැහැ..ඒක එන්නේ fall වලට පස්සේ කියනවන්නෙ.. iphone os update එකත් ඔය එක්කම එයි..

එහෙනම් බලන්නකො iphone/ipad එකක් අලුතින් ගන්න... එහෙනම් ජය වේවා.....

Monday, May 24, 2010

iPhone එකක් ලග තියෙනවානම් හරි ගන්න හිතේ තියෙනවානම් අනිවාරයෙන්ම කියවන්න

ඔන්න මම ආයේත් අලුත් post දාන්න හදන්නේ අලුත් විස්තර ටිකකුත් එක්ක. මේක වැදගත් වෙන්නේ iphone2G, iphone3G තියෙන අයට.ඒ වාගේම iphone එකකට අලුත් software ටිකක් ගැන කියන්නත් කියලා හිතුවා.
ඊට කලින් කියන්නම් මොනවාද මේ generation වල තියෙන වෙනස් කම් කියලා.
iphone 2G - මේකෙ 3G නෑ.. මතක විදියට GPRS නැහැ.සද්දෙ පොඩ්ඩක් අඩුයි.
iphone3G - මේකෙ video recording නැ.iphone 2G එකේ නැහැ කියපු දේවල් මේකෙ තියෙනවා. cam එක 2megapixels. AcutoFocus නැහැ.
iphone3GS - ඕකෙ තියෙන අලුත් features ටික මෙහෙම කියන්නම්කො.
  1. performance 2x වලින් වැඩි වෙලා තියෙනවා.
  2. video camera හා video editing තියෙනවා.
  3. voice Controller තියෙනවා.
  4. compass තියෙනවා.
ඔන්න ඕවා තියෙන වෙනස්කම්. iphone එකට මට අඩුයි කියලා හිතෙන features කියන්නයි මම දැන් ලැහැස්ති වෙන්නේ. මම මගේ iphone එක්ක මටනම් ඔය මම පල්ලහ කියලා තියෙන දේවල් තමා ඕන කලේ.
  • SMS deliver report
deliver report එකක් තිබුනනම් හොදයි කියලා හිතුනා. ඒ කියන්නෙ SMS එකක් යවලා ඒ එක්කෙනාට ඒක ලැබුනාම පොඩි report එකක් එනඑක එයාට ඒක ලැබුනා කියලා.(ඔය nokia phone වල එහෙම තියෙන්නේ).මේන්න මේක phone එකට built-in එන්නෙ නැහැ.

  • SMS text counter
මේ කියන්නෙ අපි phone එකේ sms type කරනකොට කොච්චර දැනට type කරලා තියෙනවාද කියලා .මොකද අපිට එක SMS එකකට (පලවෙනි එකට) character 160 ක් නේ දෙන්නෙ.. ඉතින් අපි අකුරු 162ක් ගැහුවොත් අපරාදෙනෙ SMS එකක සල්ලි.
Compass
  • iphone Lock application
මේකෙන් අපට පුලුවන් අපට අවශ්‍ය photo / video එහෙම වෙන කාටවත් බලන්න නොදී lock කරලා තියාගන්න.(phone එක බලන්න ඉල්ල ගන්න හැමෝම ඉස්සල්ලාම බලන්නෙ ඔය කිව්වා ටිකනේ(phone and video))

ඔන්න ඔයවගේ දේවල් ටිකක් තමා මට දැනට ඕන උනේ.ඉතින් මම දැන් කියන්න යන්නෙ වැදගත්ම දේ..
iphone2G එකක් තියෙන අයට දුක් වෙන්න ඕනෙ වෙන්නේ නැහැ iphone 3GS එකක් හැහැ කියලා. ඒ වාගේම iphone3G 3කක් තියෙන අය දුක් වෙන්න ඕනෙ නැහැ iphone 3GS එකක් නැහැ කියලා.
අපට පුලුවන් iphone3GS එකේ තියෙන







voice control



video edinting and recording

Compass

ඔය applications තමන්ගෙ 2G හරි 3G හරි iphone එකකට දාගන්න. හැබැයි ලේසිම නැහැ.

ඒ විතරක් නෙමෙ.අර මම කලින් කිව්වෙ මට ඕන උන features ටිකක් ගැන(SMS deliver report,SMS text counter,iphone Lock application). අන්න ඒ ටිකත් ඔය ඕනෙම iphone එකකට දාගන්න පුලුවන්.
ඕක කරගන්න ඕන ඒත් ඒදේ කරගන්න අමාරු කෙනෙක් ඉන්නවානම් මට පුලුව උදවු කරන්න ඒකට.

Sunday, April 18, 2010

i-ෆෝන් වැඩ පෙන්නන්න අලුත් මෙවලම්

ඔන්න මුලින්ම හැමෝටම සුබපැතුම ......... සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....

ටික දවසක් නොලිය හිටියෙ කැමැත්තකින් නෙමෙ. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි. ඒ කියන්නෙ busy නෙ...මේ දවස් ටිකට i-phone ලෝකෙ ගොඩාක් වෙනස් වෙලා.කියන්නම්කො මොනවද ඒ කියලා..

මතකනෙ මම කිව්වා ipad එකට එකට OS එක beta තියෙනවා කියලා..ඉතින් දැන් තියෙන SDK එකෙන් ipad එකට application හදන්න පුලුවන් ඒ විතරක් නෙමෙ හදන applicaiton itune එකට දාන්නත් පුලුවන්.

ipad එකට applicatin හදන මේ SDK එක පැත්තකින් තියලා apple සමාගම අලුත් beta SDK එකක් හදලා..ඔන්න දැන් developer ලාට ගන්න පුලුවන්.මම අරගෙන බැලුව මොනවාද මේකෙ තියෙන්නෙ කියලා...කියන්නම්කො ඒකෙ තියෙන දේවල් ටිකක් මේ post එකේම.

ඔය කලින් කියපු SDK eka විතරක් නෙමෙ . iphone එකට අලුත් OS එකකුත් හදලා දාලා තියෙනව..අලුත් SDK එකෙන් හදන්න ඒවාට අලුත් OS එකක් ඕනෙනෙ.

මේ අලුත් OS එක ගොඩාක් වැදගත් වෙන්නෙ iphone 3GS , phone වලට. ඒ කිනන්නෙ මේකෙ වැදගන් ම දේ වැඩ කරන්නෙ iphone 3GS එක එක්ක විතරයි.ටිකක් දුක හිතුනාද 2G, 3G phone තියෙන අය. හිත හදා ගන්නකො ඔයිට වඩා දුක හිතෙන දෙයක් තියෙනවා.පස්සේම කියන්නමොකො.දැන් කැමති ඇතිනෙ මොකක්ද මේ 3GS එකට විතරක් වැඩ කරන වැදගත්ම දේ මොකක්ද කියලා.ඒ තමා Multi tasking . නමෙන්ම තේරෙනවා නේද මොකක්ද මේකෙන් වෙන්නෙ කියලා. හරි මම උදාහරනයක් කියන්නම් iphone එකේ මේක වැඩ කරන්නෙ කොහොමද කියලා. iphone එකෙ mail application එකෙ mail එකක තියෙන link එකක් tap කරපුවාම iphone mobile browser එක open වෙනවා කියලා දන්නවා ඇතිනෙ.ආපහු අපට mail application එකට යන්න බැහැනෙ අපහු අර mail එක බලන්න. ඒ කියන්නෙ එක පාරකට run වෙන්නෙ එකනෙ.ඒත් ඔය අලුත් OS එකෙන් ඔය විදිහට එකක ඉන්න කොට අනිත් application run කරන්න වගේම ඒවාගෙන එකිනෙකට move වෙන්න පුලුවන්. මම හිතන්නෙ iphone use කරන අයට ඒක හොද ආරන්චියක්. හැබැයි ඉතින් 3GS එකක් ඕනෙ.

ඔය crack කරපු ඒවා පාවිච්චි කරන අය ඉන්නවානම් මම මේ කියන්න යන දේ ගොඩාක් වැදගත්.crack කරන ඔය crack එක අලුතින් හදන්න ටික දවසක් යනවානෙ. ඒ කියන්නෙ OS එක apple සමාගමෙන් release කරපු ගමන් crack එක හදන්නෙ නැහැනෙ. ඉතින් ඔය crack එක හදන්න කලින් iphone එක update කරගන්න එපා අලුත් OS එකට. එතකොට iphone OS එක පරන OS එකට මාරු කරගන්න බෑ කියලා තමා කියන්නෙ..ඒත් අපි වගේ iphone වැඩ දාන අයටනම් කරගන්න පුලුවන් වෙයි.මොකද මට ඒක කරන්න පුලුවන්. මම එහෙම කලා..දැනට එහෙම කරගන්න ඕනෙ කෙනෙක් ඉන්නවානම් මට කියන්නකො. තව දෙයක් .... OS 3.1.3 වලට crack එකක් එන්නෙ නැහැ. මොකද OS 4 එක එනකොට පරන එකට හදන එක තේරුමක් නැහැනෙ. ඒක හින්දා OS 4 එකට හදන්න බලාගෙන ඉන්නවා කියලා තමා කියන්නෙ.

මෙන්න මම අර කියපු දුක හිතෙන දෙය. 3GS එක නැති කමට දුක හිතෙන අයට කොහොමද apple සමාගමෙන් තව අලුත් phone එකක් release කරනවා කියලා දැන ගත්තම. ඔන්න තව ටික දවසකින් iphone 4 කියලා තව gen: එකක් release කරයි තව ටික දවසකින්. සල්ලි ගෝනියක් තියාගෙන ඉන්න ඕනෙ මේ ගොල්ල මේ release කරන තරමට අපි ඒවා සල්ලි දීලා ගන්න. දැනට 2G එක ගනන් ගන්නෙම නැහැනෙ apple සමාගම. දැන් 3G එකටත් ඒකම තමා කරන්න හදන්නෙ.

Tuesday, March 2, 2010

පිස්සන් කොටුවක පැය කිහිපයක් - කියවන්නකො බලන්න

අද කියන්න යන්නෙ ටිකක් වෙනස් කතාවක්.පහුගිය දිනක අපි ගියා දානයක් දෙන්න පිස්සන් කොටුවට.දන්නවානෙ පිස්සන් කොටුව.මුල්ලෙරියාව, අංගොඩ එහෙම තියෙන්නෙ.අපි ගියේ එකේ ඉන්න අයට ice creem දෙන්න. ඒ කියන්නෙ ice creem දානයක් දෙන්න. ඒකෙ ඇතුලෙ වෙන දේවල් ගොඩාක් අය දන්නෙ නැහැ. හිතුනා පොඩ්ඩක් ඒ ගැන කියන්න. එහෙ ගිහිල්ලා ඒ දේවල් දැකලා හොයලා තේරුම් ගත්තට පස්සේ තමා ඒ අය ගැන මට හිතුනෙ කියලා මම කියන්න ඕනෙ. ඉතින් ඔයාලට ඔය අත්දැකීම නැති නිසාත්(මේ දේවල් දන්න අයත් ඇති) මෙහෙමත් ජීවිත අපි අතරේ තියෙනව කියලා ඔයාලට තේරුම් යන්න ඕන නිසාත් මේ post එක දාන්න හිතුනා.
අපි මානසික ආබාද ඇති අයව දකින්නෙ නැහැනේ හරියට. මම කියන්නෙ අපි තේරුම් ගන්න උත්සහ ගන්නෙ නැහැනෙ. ඒකයි.මේ ජීවිත හොදට තිබුන ජීවිත කියලා අපිට හිතෙන්නෙ නැහැනෙ. මටත් හිතුනෙ නැහැ.ඒත් ඒ ගමනෙන් පස්සෙ මට තේරුනා. එහෙම මට හිතුනේ ඇයි කියලා මම කියන්නම් ඔයාලට.

එක මැද වයසේ පිරිමි කෙනෙක් මෙහෙම කිව්වා..."අනේ මෙන්න මේ ලිවුම අපේ අක්කට තැපැල් කරන්න" කියලා. ඒක මීට කලින් කෙනෙකුට දෙන්න හැදුවත් ඒක හරි ගියෙ නැහැ කියලා.ඒකෙ තිබුන කුඩා කොටසක් මම කියන්නම්.
"අක්කෙ උබලා හිතන්න එපා මම මෙහෙ සතුටින් ඉන්නවා කියලා. මම මෙහෙ ඉන්නෙ සතුටින් නෙමෙ.උබලා මාව මෙහෙට ගෙනත් දාලා මගේ ඉඩකඩම් එහෙමත් අරගෙන සතුටින් ඇති.මට පිස්සු නැහැ උබලා එහෙම හිතුවට.ඇගට අල්ලන කරන්ට් එක කොයි තරම් රිදෙනවාද? මට ඉවසන්න බහැ." මම ඔය සදහන් කලේ එහි සදහන් කුඩා කොටසක් පමනි.

ඉතින් හිතගන්න පුලුවන් නේද ඒ දේවල් බලනකොට ඇති වෙන හැගීම..

තව එක ගැහැනු කෙනෙක් මෙන්න මෙහෙම කියනවා
"අනේ මගෙ මහත්තය එයි නේද මම බලන්න. එයා කොයි වෙලාවෙ හරි එයි. මම මේ ඉන්නෙ එයා එකකල්. එයා එනවා කිව්ව නේද ? ඒක අහපු මම මේ දේවල් ගැන පොඩ්ඩක් හොයන්න හිතාගෙන එයාගේ වතගොත පොඩ්ඩක් හොයන්න හිතාගෙන එතන හිටපු හෙද මහත්තයෙකුගෙන් මේ ගැන ඇහුවා. "මොකද එයා එහෙම ඉන්නෙ , කියන්නෙ කියලා". එයා මට කිව්ව, කාලයකට පෙර මෙයා විවාහ වෙලා බොහෝම සතුටින් හිටියා කියලා. ඒ වාගේම මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ එයාගේ මහත්තයා වෙන ගැහැනු කෙනෙක් එක්ක ජීවත් වෙලා තියෙනවා. එයාට ඒදේ දරාගන්න බැරිව පිස්සු හැදුනා කියලා තමා මට කිවවේ.ඉතින් බලන්නකො ඒ ජීවිත වල හැටි. මේ දේවල් මෙහෙම දැනගන්න කොට අපිට තේරෙනවා නේද අපි මේ දේවල් ගැන තව හිතන්න ඕනෙ කියලා.

ඒ අතර තව වයසක (ටිකක්) පිරිමි කෙනෙක් හිටියා. එයා හිටියේ කැරම් බොර්ඩ් එකේම තමා. එයා කරන්නෙ තනියෙන් කැරම් ගහන එක.එයගේ වාරෙ එයා ගහලා නැගිටලා ගිහිල්ලා අනික් පැත්තෙන් ඇවිත් අනිත් කෙනාගෙ වෙනුව ගහනවලු. මේ අතර මට මෙන්න මේ දෙයත් දැනගන්න ලැබුන මේ කියන පුද්ගලයා ගැන. traing වෙන nurse ලා දන්නවා ඇතිනේ ඔයාලා. ඔය අය මාස 2කට වගේ පුහුනුවකට අංගොඩ , මුල්ලේරියව වගේ ඒවට දානවලු. ඉතින් මේ අයත් ඔය මම කලින් කිව්ව පුද්ගලය එක්ක කැරම් ගහනවලු. එහෙම කරලා ඔය මාස 2ක් ගෙවුනම අර අය ආපහු යනවා. මේ කැරම් ගහන කෙනා වගේම අනික් අයටත් ඒ අයට දෙන බෙහෙත් වැඩිපුර දෙන්න ඕනෙ වෙනවලු.එය සදහන් කලේ මෙසේය. "ඔය අයනම් මේ අය එක්ක ඉදලා යනවා.එහෙම උනාම මේ අයට දෙන බෙහෙත් වැඩිපුර දෙන්න ඕනෙ අපියි". ඔන්න ඔහොම වෙන්නෙ ඇයි දැයි මම හොදනිමි. අමතක උනා. මේ කියන කෙනා කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා හැර කතා කලේ නැහැ.
මෙසේද සිදු විය. එක ගැහැනු කෙනෙක් අපි අතර ගිය තවත් ගැහැනු කෙනෙකුට ගොඩාක් කරදරයක් උනා. ඒ කියන්නෙ එයා මේ ගැහැනු කෙනා ගාවින් යන්නෙ නැති තත්වෙකට පත් උනා. "අනේ ඔයා හරි ලස්සනයි. ඔයා හරි හොදයි" ඔන්න ඔය වගේ. ඉතින් අන්තිමට වෙනම කාමරයක ඉන්න උනා අර කෙනාට අරයා ඈත් වෙනකන්.
මෙලෙසද දුටුවෙමි. කෑම වෙලාවට ඔක්කොම පෝලින් වෙනවා ලස්සනට. ice cream ඉක්මනට කලා අයෙත් පෝලිමට යන අයත් හිටියා.
මේ පිස්සු මනුස්සයන් අතරේ ඒ අයගේ නායකයෙක්ද සිටියා. ඔහු තමා මේ අයව පාලනය කරන්නෙ. නලා ඉවර උනාම "හා හා ඇති උබ නෑව" වගේම හැම අවශ්තාමකදීම ඔය විදිහට කියනවා.
සම්හරුගේ ඇදුම් ගොඩාක් ලොකුයි. තවත් සමහරුන්ගේ ඇදුම් මදි. ඒ ඇයි කියලා මම දැනගත්තා. ඒ තමා ඒ අයට අදින්න තමන්ටම කියලා ඇදුමක් නැති නිසා. ඇදුම් ඔක්කොම එකට තමා තියෙන්නෙ. අද අදින එක එයාලට හම්බ වෙන්නෙ නැහැනෙ එහෙම උනාම. ඉතින් මේ කාරනේ නිසා තමා ඔය විදියට වෙන්නෙ.

ඔන්න දැන් අපි හැමෝටම හිතලා බලන්න පුලුවන් දෙපාරක් අපේ සමාජයෙ කොයිතරම් අසරන වුන අය ඉන්නවද කියලා මේ විදිහට. ඔය මම දැක්ක දේවල් සහ දැනගත්ත දේ විතරයි. අපිට තව ගොඩාක් දේවල් තියෙනවා නේද මිනිස්සු ගැන හිතන්න. මේ දෙවල දකිනකොට කොයිතරම් අසරන වෙනවාද කියලා ඔයාට මේ අත්දැකීම අත්වින්දොත් තේරෙයි. මේක කියවපු ඔයාලත් අසරන වුනා නේද පොඩ්ඩක් හරි. අපි නොදන්න කොයිතරම් දේවල් තියෙනවාද මේ සමාජයෙ කියලා ඔයාලට තේරුනා නේද ?

ඉතින් ඔයාලටත් පුලුවන් මේ අයට දානයක් උනත් දෙන්න. කවදාහරි දවසක ඉතුරු වෙන්නෙ අපි කරපු පිං විතරයි කියලයි මගේ නම් අදහස.

Sunday, February 28, 2010

අයි ෆෝන් වැඩ -Navigation based app : 1

ඔන්න මම කිව්ව විදිහටම අදත් iphone application ගැන post එකක් දාන්නයි මේ හදන්නෙ.
අද බලමු කොහොමද iphone එකෙ iphone table view(ඒ කියන්නෙ navigation based applicaiton ekak) එකක් හදාගන්නෙ කොහොමද? ඒක මොනචට වගේද මේක පාවිච්චි කරන්නෙ කියලා. මම මේක කරලා ඉවර උනාම ඔයාලට තේරෙයි. මේක මොනවගේ දේවල් වලටද පාවිච්චි කරන්න ඕනෙ කියලා. එහෙනම් වාඩිය වල්පල් නැතිව වැඩේ පටන් ගමුකෙ නේද?

1)මුලින්ම xcode open කරලා file > new project යන්න ඕනෙ.. (මේ දෙය මීට කලින් කිව්ව නිසා මේ දේ ගැන දන්නවා ඇතිනෙ)
2)දැන් ඔය ඇවිල්ලා තියෙන window එකෙන් "Navigation-based Application" කියන එක තෝර ගන්න ඕනෙ. ඔය ඔතන තියෙන ඒවට කියන්නෙ templates කියලානෙ. ඒකෙ තේරුම දන්නවානෙ. අපිට ඔය window එකෙන් ඕනෙම එකක් තෝරගෙන ඕනෙම application එකක් (view based or navigation based.....) හැබැයි ඉතින් code එක වගේම view controller එහෙම වෙනස් කරන්න වෙනචා. එහෙම open කරපු තැන ඉදලානෙ video එකක් ඔය දාලා තියෙන්නෙ මම)

objective c වල class වලට header file එකතුත් තියෙනවා කියලා දන්නවාද දන්නෙ නැ. හරි කමක් නැ. ඔය open කරපු project එලෙ classes කියන folder එක උඩ එක පාරක් click කරන්නකො. දැන් දකුනු පැත්තෙ පෙන්නෙ ඔය project එකට දැනට තියෙන classes ටිකනෙ. දැනට class 2ක් තියෙනවා. මම හරිනෙ. Delegate class එක අපට දැනට වෙනස් කරන්න ඕනෙ නැහැ. ඒක ගැන අපි පස්සෙ කතා කරමුකො. "RootViewController" ඕක ගැනනම් කතා නොකර ඉන්න බැහැ. බලන්නකො ඒකෙ header file එක. (ඒ කියන්නෙ RootViewController.h කියන එක. එක පාරක් ඒක උඩ click කරන්න. පල්ලහා code එක ඔයාලට පෙනෙයි.)

@interface RootViewController : UITableViewController



ඔන්න ඔය දේ හැර දනට අනික් දේවල් අතාරින්නකො.
ඔය RootViewController කියන්නෙ class එකෙ නම. UITableViewController කියන්නෙ ඔය class එකේ super class එක. (ඒක දන්නවා නේද ?)
දැන් RootViewController.m file එක open කරන්නකො.ඒකෙ හාම method එකක්ම මම දැන් කියලා දෙන්නෙ නැහැ. අවශ්‍ය දේ ටික විතරක් අද කතා කරමු.(මම ඔය දලා තියෙන image එක බලන්නකො)

1. numberOfSectionsInTableView

ඔය method එකෙන් return කරන්නෙ අපි හදන view එකෙ section කීයක් ඕනෙද කියලානෙ. ඒක ගැන පස්සෙ කතා කරමු. දැනට අතාරින්නකො ඒක.

2. numberOfRowsInSection (ඊලග එක)

ඔක තියෙන්නෙ අපේ view එකෙ කොච්චර cell ගානක් ඕනෙද කියලානෙ. දැනට ඇත්තෙ 0 වෙන්න ඇති. ඔයලා කැමති ගානකට ඒක වෙනස් කරන්නකො.

3. cellForRowAtIndexPath (ඊලග එක)

ඕකෙ ඇතුලෙ තමා cell class එකෙ object හැදෙන්නෙ.
ඔක ඇතුලට ඔය පල්ලහා තියෙන code එක දාලා bulid and run click කරලා බලන්නකො.
cell.textLabel.text = @"this is cell";

ඔය අපි කතා කලේ navigation base වල සරලම කොටස. ඕක ගොඩාක් සංකීර්ණ දෙයක්. ඒ දෙවල් ටික ටික ඉගෙන ගමු නේද ?

Thursday, February 25, 2010

අනිත්‍ය නිසා ඇතිවෙන්නෙ දුකක්මද ? දහම් ගැටළුවක්

පරණ එක බලන්න මෙතන ඔබන්නකො.

මුලින්ම මේ දෙය කියන්න ඕනෙ. අපගේ මේ වෑයම දන්නා දේ කියාපෑමට නොවන අතර අපට ඇති ධර්ම ගැටළු නිවැරදි කරගැනීමට බවද සදහන් කල යුතුමය.
මම මීට කලින් දාපු post එකෙන් ගොඩාක් මේ දේ ගැන කතා කලා. ඒ "අනිත්‍ය හැම දෙයක්ම දුකක්ද" යන්න.මෙන්න මේ දේ ගැන කතා දුකල යුතු නිසාත් කතා කල හැකි න්සාත් , වැප්ට එකගතාවය පලකොට ඒ පිලිබධව අලුත් post එකක් ලියන්න අදහස් කලෙමි.
මා කියන්නෙ මා දන්නා ආකාරයට , මා අසා ඇති ආකාරයට බැවින් සමහරවිට එය අසත්‍යක්ද වීමට ඉඩ ඇති බවද මම පිළිගනිමි.එමනිසා දන්නා හැමදෙනමට ආරාධනා කරනව ඒ පිලිබධව ඒ ගැටළුව නිරකරණය කරගැනීමට සහය වෙන මෙන්.එලෙසම මා දන්නා මා සොයාගත්දේ ඔබලාට පැමසීමද මගේ යුතුකමය.

@fiqri

""ඇත්තටම ස්ථීර නැති හැම දෙයක්ම දුකක්ද? හ්ම්, ඒ කියන්නෙ මට සනීප කරගන්න බැරි ලෙඩක් තිබිලා ඒක ස්ථීර නැති නිසා එක සනීප වෙනවා නම් මට දුකක්ද ? සතුටක්ද? ඇතිවෙන්නේ ???? බලංගියාම ස්ථීර නැති හැම එකක්ම දුකක් නෙමෙයිනේ.""

අනිත්‍ය හැමදේම දුකක් නොවන බව පෙන්වා දුනි.

@thamara
""යමක් කැමති සේ නැත්නම් ඒක දුකක් ""

ඔහුද fiqri ගේ අදහසම බව කියා සිටියේය.

@තරිදු
""fiqri කියල තියෙන දේවල් සමහරකට මම එකඟ නැති උනත් මම ඔහුව අගය කරන්නෙ පොතේ තියෙන දේ කියවන දේ එහෙමම සාදූ කියල පිලිගන්නෙ නැතුව හිතල බලන නිසා.""

මා සදහන් කල දෙය හා fiqri සදහන් කල දේවල් වල ඔබ එකග නොවෙන තැන් තිබෙන බව සදහන් කලද ඒ පිලිබදව සටහන් නොකිරීම පිළිබද අසතුටිනි. ඔබද එවැනි දේවල් සදහන් කලා නම් අපට ඒ පිලිබදව ඇතිවන ගැටළු විසදාගැනීමට හැකි වනු වෙනවා නම් මමද fiqri ද අනික් හැමෝමද ඒ පිලිබදව සතුටු වෙන්නෙමු.
(මේ ඒ පිලිබදව අදහස් දැක්වූවන් ගෙන් ටික දෙනෙකි. ඒ හැම දෙනාටම පිංසිධ්ද වෙනවා මේ දේවල් කතා කරපු එක ගැන)

මම මා දන්නා දේ කිවීමට කැමැත්තෙමි.එය සත්‍යදැයි හරි හැටි මම නොදනිමි.මන්ද මා මේ දේවල් දන්නෙ ඒ පිලිබද ප්‍රගුන කිරීමෙන් නොවන නිසාය.අසා ඇති කියවා ඇති පරිදිය.

ලෙඩක් සැදී සුවපත් වීමෙන් සතුටක් ලබනවා නේද ? මමද මෙම උදාහරණයම ගන්නට කැමැත්තෙමි. ඒකට හේතුට මීට පෙරද මේ දෙය ගැන කතා කර ඇති වීමයි. ලෙඩක් වෙලා හොද වීමෙන් අප සතුටු වෙන්නෙ ඇයි ? අපේ මේ ජිවිතයට අපි ආශා කරන නිසා නේද ?අවසනාවට ඔබලාටද මෙන්ම මටද එසේ නොසිතීමට තරම් පිං බලයක් තවම නැත.එබැවින් අපි ඒ පිළිබදව සතුටු වෙයි.
ම්ට හිතෙනා පරිදි අපි ඒක එහෙම හිතන්නෙ අවිද්‍යාව නිසා කියලා(මම හරිද කියාලා මම දන්නෙ නැත).
අපි කවදා හරි මේ දේවල් අනිත්‍යයි කියලා තේරුම් ගත්ත දවසට තමයි අපේ මේ සංසාරෙන් එතෙර වෙන්න පුලුවං කියලා මම දන්න විදිහට බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ.එහෙම නොහිතෙන නිසයි මේ සංසරේ මෙච්චර දුර ආවෙ කියලා.

ඔය පල්ලහා තියෙන්නෙ බුදුන් වහන්සේගෙ කාලෙ විස්තර ....
එක ස්වාමීන් වහන්සේ නම්ක් ඇදක සැතපී සිටියදී ඇගට වැටිලා තියෙනවා විශගෝර සර්පයෙක්.සමහරවිට ඒ සර්පයා සපා කන්න ඇති.ස්වාමීන් වහන්සේ අනික් අයට කිව්වෙ "මේ ශරීරය අරන් ගිහින් එලියෙන් තියන්න, මේක විසිරිලා යන්න කලින් කියලා". ඉතින් එහෙම ඒ ස්වාමීන් වහන්සේ කිවුවෙ මේ දෙවල් තේරුම් ගත්ත නිසා කියලා පත පොතෙ සදහන් වෙන්නෙ.

අනිච්චෙ දුක්‍ය සඤ්ඤී විහරහි - අනිත්‍ය දේ තුල සැපයක් නොමැති බවත් ඒ තුල ඇත්තේම දුක බවත් නුවනින් විමසමින් වාසය කරන ලෙස බුදුන් විසින් උපදෙස් දෙන ලදී.
තවද..
දුක කෙරෙහි අනාත්ම්යි යන්න අවබොධයෙන් යුතුව වාසය කරන ලෙසද බුදුරජුන් උපදෙස් දීල තියෙනවා කියලා තමා පොත පතේ සදහන් වෙන්නෙ.

යොනිසුකාරය (හරියටම වචනෙ මතක නැ)
බුදුන් වහන්සේ දෙසු ලෙසම ධර්මය දකින්න කියන එක තමා බුදුන් වහන්සේ කියලා තියෙන්නෙ.

මෙයද සදහන් කල යුතුමය.

"පින්වත් මහනෙනි, ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම එකම සංකාරයක් හෝ සැප වශයෙන් සලකන්නෙ නම් ඔහු බුදුසසුනේ මාර්ග ඵල ශාක්ශාත් කිරීමට සුදුසු ගුන දහමින් යුතු සිතක් තමන් තුල ඇතිකරගන්නවා යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි.එය සිදු නොවන දෙයකි. ඉඩ කඩ රහිත දෙයකි. මාර්ග ඵල ශාක්ශාත් කිරීමට සුදුසු ගුනධර්මයන් යුතු පිනක් ඇති කර නොගන්නා ඔහු ආර්ය මාර්ගවලට පැමිනෙනවා යන්න කරුණු සිදු නොවන දෙයකි.ආර්‍ය මාර්ගවලට නොපැමින සෝථපන්න ඵල හෝ සකෘර්ධාගාමි ඵල හෝ අනාගාමී ඵල හෝ අරහත් ඵලයක් ශාක්ශාත් කරනවා යන්න කරුණු සිදුවන දෙයක්නම් නොවේ.
(දුක්‍ය සුත්‍රය - අන්ගුත්තර නිකාය)

නැවතාත් මම පවසා සිටින්නෙ මම මේ කියන්නෙ මම දන්නා පරිදිය .එක වැරදි වීමට ඉඩ ඇත. මම මේ උත්සහ ගන්නෙ නිවැරදි දෙය මොකක්ද කියලා දැන ගන්න මිස අන් දෙයක් නොවෙ. ඔබලාගේත් මේ පිලිබදව යම් අදහස ඇත්නම් එය පවසම මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.