Thursday, February 25, 2010

අනිත්‍ය නිසා ඇතිවෙන්නෙ දුකක්මද ? දහම් ගැටළුවක්

පරණ එක බලන්න මෙතන ඔබන්නකො.

මුලින්ම මේ දෙය කියන්න ඕනෙ. අපගේ මේ වෑයම දන්නා දේ කියාපෑමට නොවන අතර අපට ඇති ධර්ම ගැටළු නිවැරදි කරගැනීමට බවද සදහන් කල යුතුමය.
මම මීට කලින් දාපු post එකෙන් ගොඩාක් මේ දේ ගැන කතා කලා. ඒ "අනිත්‍ය හැම දෙයක්ම දුකක්ද" යන්න.මෙන්න මේ දේ ගැන කතා දුකල යුතු නිසාත් කතා කල හැකි න්සාත් , වැප්ට එකගතාවය පලකොට ඒ පිලිබධව අලුත් post එකක් ලියන්න අදහස් කලෙමි.
මා කියන්නෙ මා දන්නා ආකාරයට , මා අසා ඇති ආකාරයට බැවින් සමහරවිට එය අසත්‍යක්ද වීමට ඉඩ ඇති බවද මම පිළිගනිමි.එමනිසා දන්නා හැමදෙනමට ආරාධනා කරනව ඒ පිලිබධව ඒ ගැටළුව නිරකරණය කරගැනීමට සහය වෙන මෙන්.එලෙසම මා දන්නා මා සොයාගත්දේ ඔබලාට පැමසීමද මගේ යුතුකමය.

@fiqri

""ඇත්තටම ස්ථීර නැති හැම දෙයක්ම දුකක්ද? හ්ම්, ඒ කියන්නෙ මට සනීප කරගන්න බැරි ලෙඩක් තිබිලා ඒක ස්ථීර නැති නිසා එක සනීප වෙනවා නම් මට දුකක්ද ? සතුටක්ද? ඇතිවෙන්නේ ???? බලංගියාම ස්ථීර නැති හැම එකක්ම දුකක් නෙමෙයිනේ.""

අනිත්‍ය හැමදේම දුකක් නොවන බව පෙන්වා දුනි.

@thamara
""යමක් කැමති සේ නැත්නම් ඒක දුකක් ""

ඔහුද fiqri ගේ අදහසම බව කියා සිටියේය.

@තරිදු
""fiqri කියල තියෙන දේවල් සමහරකට මම එකඟ නැති උනත් මම ඔහුව අගය කරන්නෙ පොතේ තියෙන දේ කියවන දේ එහෙමම සාදූ කියල පිලිගන්නෙ නැතුව හිතල බලන නිසා.""

මා සදහන් කල දෙය හා fiqri සදහන් කල දේවල් වල ඔබ එකග නොවෙන තැන් තිබෙන බව සදහන් කලද ඒ පිලිබදව සටහන් නොකිරීම පිළිබද අසතුටිනි. ඔබද එවැනි දේවල් සදහන් කලා නම් අපට ඒ පිලිබදව ඇතිවන ගැටළු විසදාගැනීමට හැකි වනු වෙනවා නම් මමද fiqri ද අනික් හැමෝමද ඒ පිලිබදව සතුටු වෙන්නෙමු.
(මේ ඒ පිලිබදව අදහස් දැක්වූවන් ගෙන් ටික දෙනෙකි. ඒ හැම දෙනාටම පිංසිධ්ද වෙනවා මේ දේවල් කතා කරපු එක ගැන)

මම මා දන්නා දේ කිවීමට කැමැත්තෙමි.එය සත්‍යදැයි හරි හැටි මම නොදනිමි.මන්ද මා මේ දේවල් දන්නෙ ඒ පිලිබද ප්‍රගුන කිරීමෙන් නොවන නිසාය.අසා ඇති කියවා ඇති පරිදිය.

ලෙඩක් සැදී සුවපත් වීමෙන් සතුටක් ලබනවා නේද ? මමද මෙම උදාහරණයම ගන්නට කැමැත්තෙමි. ඒකට හේතුට මීට පෙරද මේ දෙය ගැන කතා කර ඇති වීමයි. ලෙඩක් වෙලා හොද වීමෙන් අප සතුටු වෙන්නෙ ඇයි ? අපේ මේ ජිවිතයට අපි ආශා කරන නිසා නේද ?අවසනාවට ඔබලාටද මෙන්ම මටද එසේ නොසිතීමට තරම් පිං බලයක් තවම නැත.එබැවින් අපි ඒ පිළිබදව සතුටු වෙයි.
ම්ට හිතෙනා පරිදි අපි ඒක එහෙම හිතන්නෙ අවිද්‍යාව නිසා කියලා(මම හරිද කියාලා මම දන්නෙ නැත).
අපි කවදා හරි මේ දේවල් අනිත්‍යයි කියලා තේරුම් ගත්ත දවසට තමයි අපේ මේ සංසාරෙන් එතෙර වෙන්න පුලුවං කියලා මම දන්න විදිහට බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ.එහෙම නොහිතෙන නිසයි මේ සංසරේ මෙච්චර දුර ආවෙ කියලා.

ඔය පල්ලහා තියෙන්නෙ බුදුන් වහන්සේගෙ කාලෙ විස්තර ....
එක ස්වාමීන් වහන්සේ නම්ක් ඇදක සැතපී සිටියදී ඇගට වැටිලා තියෙනවා විශගෝර සර්පයෙක්.සමහරවිට ඒ සර්පයා සපා කන්න ඇති.ස්වාමීන් වහන්සේ අනික් අයට කිව්වෙ "මේ ශරීරය අරන් ගිහින් එලියෙන් තියන්න, මේක විසිරිලා යන්න කලින් කියලා". ඉතින් එහෙම ඒ ස්වාමීන් වහන්සේ කිවුවෙ මේ දෙවල් තේරුම් ගත්ත නිසා කියලා පත පොතෙ සදහන් වෙන්නෙ.

අනිච්චෙ දුක්‍ය සඤ්ඤී විහරහි - අනිත්‍ය දේ තුල සැපයක් නොමැති බවත් ඒ තුල ඇත්තේම දුක බවත් නුවනින් විමසමින් වාසය කරන ලෙස බුදුන් විසින් උපදෙස් දෙන ලදී.
තවද..
දුක කෙරෙහි අනාත්ම්යි යන්න අවබොධයෙන් යුතුව වාසය කරන ලෙසද බුදුරජුන් උපදෙස් දීල තියෙනවා කියලා තමා පොත පතේ සදහන් වෙන්නෙ.

යොනිසුකාරය (හරියටම වචනෙ මතක නැ)
බුදුන් වහන්සේ දෙසු ලෙසම ධර්මය දකින්න කියන එක තමා බුදුන් වහන්සේ කියලා තියෙන්නෙ.

මෙයද සදහන් කල යුතුමය.

"පින්වත් මහනෙනි, ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම එකම සංකාරයක් හෝ සැප වශයෙන් සලකන්නෙ නම් ඔහු බුදුසසුනේ මාර්ග ඵල ශාක්ශාත් කිරීමට සුදුසු ගුන දහමින් යුතු සිතක් තමන් තුල ඇතිකරගන්නවා යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි.එය සිදු නොවන දෙයකි. ඉඩ කඩ රහිත දෙයකි. මාර්ග ඵල ශාක්ශාත් කිරීමට සුදුසු ගුනධර්මයන් යුතු පිනක් ඇති කර නොගන්නා ඔහු ආර්ය මාර්ගවලට පැමිනෙනවා යන්න කරුණු සිදු නොවන දෙයකි.ආර්‍ය මාර්ගවලට නොපැමින සෝථපන්න ඵල හෝ සකෘර්ධාගාමි ඵල හෝ අනාගාමී ඵල හෝ අරහත් ඵලයක් ශාක්ශාත් කරනවා යන්න කරුණු සිදුවන දෙයක්නම් නොවේ.
(දුක්‍ය සුත්‍රය - අන්ගුත්තර නිකාය)

නැවතාත් මම පවසා සිටින්නෙ මම මේ කියන්නෙ මම දන්නා පරිදිය .එක වැරදි වීමට ඉඩ ඇත. මම මේ උත්සහ ගන්නෙ නිවැරදි දෙය මොකක්ද කියලා දැන ගන්න මිස අන් දෙයක් නොවෙ. ඔබලාගේත් මේ පිලිබදව යම් අදහස ඇත්නම් එය පවසම මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

8 comments:

  1. කරුනාකර මේ යොමුව බලන්න
    http://groups.google.com/group/dhammamedicine/browse_thread/thread/d5d6833d07c5eb49/c3d774380ba2e729?hl=en&lnk=gst&q=%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA#c3d774380ba2e729

    ReplyDelete
  2. @චතුරංග රූපසිංහ ---
    ස්තුතියි...

    ReplyDelete
  3. කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් රචිත "බුද්ධියේ හිරු කිරන" නම් වූ පොතක් ඇත. කරුණාකර එය ලබා ගෙන එහි අනිත්‍යය ගැන ඇති පරිච්ඡේදය අවම වශයෙන් කියවන්න. මුලු පොතම අවබෝධයෙන් කියවීමෙන් ඔබේ බුද්ධිය මුහුකුරා යනු ඇත. ඔබට ඒ පොත ලබා ගත නොහැකි නම් මට ඊමේල් එකක් එව්න්න. මම පොත අමුණා එවන්නම්. තෙරුවන් සරණයි.

    ReplyDelete
  4. මුලින්ම අපි දැන ගන්න ඕනේ බුදු දහම කියන්නේ දැකලා යන ගමනක් මිස ගිහින් දකින ගමනක් නොවේ. ඒ කියන්නේ දිනුම කනුවක් තියෙනවා, එකට යන පාරක් තියෙනවා.
    ඕක දැක්ක කෙනාට කාගෙන්වත් පාර අහන්න ඕනෙත් නෑ දිනුම කනුව කොහෙද කියලා අහන්න ඕනෙත් නෑ. තමන් ඒක දැකලා තියෙන්නෙ.
    හැබැයි දැක්කට තවම එතනට ගිහිල්ල නෑ. ඊට පස්සේ දැකපු පාර දිගේ ගිහිල්ලා දිනුම කනුව ස්පර්ෂ කරනවා. දැන් මෙතන කාරනා දෙකක් තියෙනවා. එකක් තමයි පාර දැක්කා, දිනුම් කනුව දැක්කා.
    අනෙක තමයි දැකපු පාර දිගේ අනුගමනය කරමින් ගිහින් දිනුම් කනුව ස්පර්ෂ කලා.
    මෙන්න මේ වගෙ බුදු දහම තුල නිවනත් නිවන් මගත් පලමුව දකින්න ඕනෙ. අන්න ඒ දැකපු කෙනාට තමයි ඒ මග අනුගමනය කරන්න පුලුවන්, අනුගමනය කරලා නිවන අත්දකින්න පුලුවන් වෙන්නේ.

    මුලිම අපි දැනගන්න ඕනේ ඥානයට ඝෝචර වෙන ධර්මයක් බුදු දහම තුල තියෙනවා. එහි පලවෙනි අවස්ථාවට කියනවා පූර්ව භාග නුවන. ඒකේ ප්‍රතිඵලයට කියනවා "මග නැණ" (මාර්ගක් ඥානය). පූර්ව භාග නුවන පලමුව පහල වෙනවා. මග නැණ පසුව පහල වෙනවා.

    මෙන්න මේ පූර්ව භාග නුවන පහල වෙන්නෙ අනිච්ච, දුක්ක, අනත්ත (මෙතන අනිච්ච කියන්නේ අනිත්‍ය වලට නෙමෙයි, අනත්ත කියන්නේ අනාත්ම වලට නෙමෙයි.) කියන මේ ත්‍රිලක්ෂනය හරියට තේරුම් ගිය දාටයි.
    මෙන්න මේ පූර්ව භාග නුවනේ යම් අඩු පාඩුවක් තිබුනොත් කවදාවත් ඔහුට මග හරියට පෙනෙන්නෙ නෑ, ඵලය හරියට පෙනෙන්නෙ නෑ.

    එහෙනම් නොපෙනෙන මග ගමන් කරලා ප්‍රතිපල ලබන්න බෑ. එහෙනම් අත්‍යාවශම කාරනය වෙන්න ඕනෙ මාර්ගය හරියට පෙන්න ඕනෙ, ඒ මාර්ගය නිසා ලබන නිවන කුමක්ද කියා හරියට දැනෙන්න ඕනෙ, වැටහෙන්න ඕනෙ.

    ReplyDelete
  5. @සරත් ගුණතුංග ----

    ස්තුතිය..සමග පිං..

    @Thamara

    ස්තුතිය..සමග පිං..

    ReplyDelete
  6. @thamra,

    කියන්න ඕන දේ හරියටම කියළා තියෙනවා

    අනිච්ඡ් (නිසි සේ නැහැ, කැමති සේ නැහැ), දුක්ඛ (ඒ නිසා දුකයි), අනත්ථ (අසාරයි, හරයක නැහැ, හරියට කෙහෙල් කඳක් පතුරු ගගා අරටුව හොයනවා වගේ).

    ඔය ටික තේරුම් ගන්න බැරුව එක පොතක් නෙමෙ පොත් 1000 කියෙව්වත් වැඩක් නැහැ. මුළු ත්‍රිපිටකයම කට පාඩම් කලත් වැඩක් නැහැ.

    ReplyDelete
  7. http://nissaranawanaya.wordpress.com/from-nz-au-retreats/ saddarmaya danaganna onanam wikara katha natuwa me sit akata yanna

    ReplyDelete
  8. බුද්ද දේශනාව නම් මෙලොව සැප හා දුක යනදෙකම ඇති බවයි,නමුත් සත්වයා සැපහි ආදීනත්වය නොදැක එයට ඇලෙන බවයි.එනම් මෙම සැප හෝ දුක වෙනස් වීම සිදුවේ,එසේම සැපේ අදික ලෙස ඇලී සිටීම නිසා එම සැපය වෙනස් වුවිට දුක් ඇතිවීම එකාන්ත වේ,නමුත් සත්වයා නැවත නැවතත් සැපම ලාබගැනීමට උත්සාහ කිරීම නිසා නැවත නැවත ඉපදීම සිදුවේ.මෙම නිසා ඉපදීම දුකකි.ඔබගේ උදාහරන යෙනම් මෙය පැහැදිලි කරනවානම්,යමෙකුට වැලදුනු රෝගයක් සුවපත්වුවිට යම් සතුටක් ඇතිවේ නමුත් එම රෝගය සුවපත් වූවාකියා ඔහු වෙන රෝග වැලදීමෙන් ගැලවීමට නොහැකිය,එනම් ඔහුට සුවපත්වු රෝගයටත් වඩා කිසිදිනක සුවපත් කල නොහැකි රෝගයක් වැලදීමට ඇති ඉඩකඩ වැඩිය,තවද මොනයම් හෝ රොගයක් වැලදී නැවතත් දුකටම පත්වේ,එසේම මෙලෙස වෙනත් රෝගයක් වැලදිය හැකිබව වැටහුනු විට සැම විටම උත්සාහ කරනුයේ වෙනත් රෝග සැදීමෙන් තම ශරීරය ආරක්ෂාකර ගැනීමටයි නමුත් ඒය කරගනු නොහැකි විටද නැවත් දුකටම පත් වේ.මෙය අනාත්ම නොහොත් අනිත්‍ය තාවයේ ස්භාවය වේ.එනම් කිසිදෙයක් තමා කැමති ලෙසනොපැව තීම නොහොත් සැමවිටම වෙනස් වීම.මෙයි පැහැදිලි වන්නේ අප සැප ලෙස ගන්නා සෑම් දෙය තුල ම ඇත්තේ දුකම පමනක් බවයි.කිසිදෙයක් අපට අවශ්‍ය ලෙස පවත්වා ගත නොහැක,ශරීරයද ජරාවට පත්වී අවසානයේ කුණුවී යයි

    එසේම තවත් ඩෙයක් කීමට ඇත එනම් බුදුරජානන් වහන්සේ දේශනා කර ඇත්තේ සත්වයෙක් කියා දෙයක් නැතිබවයි.එනම් මම කියා කීවාට මම කියා කෙනෙක් නැති බවයි.එනම් මම යනු මගේ ශරීරය කියා සිතා සිටිනවා නම් එය වැරදිබවයි ,මම යනු මගේ ශරීරය කියා සිතන්නේ ආත්ම දෘශ්ඨිය නිසා බවයි නාමයේ හා රූපයේ එකතුවීම නිසා මෙලෙස සත්වයා හට ගෙන ඇතිබවත් ශරීරය තමා යැයි උපකල්පනය කිරීම නිසා ආත්ම දෘෂ්ඨිය ඇතිවී ඇති බවත් ය.එලෙස බැලුවිට ලෙඩරොග සැදීඇත්තේ රූපයටය නමුත් මම කියන දෘෂ්ඨිය නිසා ශරීරය මාගේයයි කියමින් අප දුක හො සතුට විදියි.මෙමෙ ආත්ම දෘෂ්ඨිය නැති කල කලට භව ආශාව නැති වී නැවත ඉපදීමට හේතු නැතිවී උතුම් නිර්වානයට පත්වේ

    ReplyDelete