Wednesday, February 24, 2010

ආගමක් සෙවිය යුත්තෙ ඇයි...? කියවන්නකො මේක....

ලොකේ ආගම් ගොඩාක් තියෙනවා. බොහෝ දෙනෙක් ආගම සොයන්නේ ලෙඩක් හැදුනු වෙලාවට.කරදරයක් වුන වෙලාවට.බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඕන වුන වෙලාවට.මගේ අදහස නම් එහෙම නම් එහෙම හරි ආගම දහමට නැබුරු උනාන්ම් ඒක දිගටම පවත්වන එකයි වැදගත් කියලා. මම බෞද්ධයෙක් විදිහට කියන්න සතුටුයි සියලු ආගම් ශාස්තෘවරුන් අතරින් බුදුරජානන් වහන්සේ තමයි මුලින්ම දේශනා කරලා තියෙන්නෙ ආගමක් සෙවිය යුත්තෙ එවැනි දේකට නෙමෙයි කියලා...

එහෙනම් මොකටද ආගමක් ........????
ආගමක් සොයගන්න ඕනේ ජරා මරණ වලින් නිදහස් වීම පිනිසයි. එවැනි අරමුනු නැතිව අදහන ආගමෙන් තමා තමන් මුලාවට පත් වෙන්නේ.පත් කරන්නේ. එහෙම ආගමකින් ජීවිතයට පිලිසරනක් බලපොරොත්තු වෙන්න බෑ..

"පස්සෙ නිවන් දකින්න.දැන් කාලා බීල ඉන්න". "දැන් අපට වැඩ තියෙනවා නිවන් දකින වැඩේ පස්සට දාමු". ......
නොපෙනන ලෝකයක ධර්මය දකින්න ප්‍රර්ථනා කිරීම අවිද්‍යාවයි.එක්තරා මායාවක් ඇත්තක් නෙමෙ. මේකත් අර "අද නැ හෙට"(බාලගිරි දෝශයට කියන්නේ) අන්න ඒ වගේ දෙයක්. අපිත් නිවන් දකින්න හදන්නේ අන්න ඒ ක්‍රමයට. අපේ ආත්ම ගනන කෝටි ගනනක් වෙලා තියෙන්නෙ මෙන්න මේ නිසයි.

අපට මිදෙන්න පුලුවන්..ඒත් ප්‍රශ්නයක්........
අපට අවිද්‍යාව නැති කරගන්න අපේ වාසනවට බුදුරජානන් වහන්සේගේ ජීවමාන ධර්මය අපි ගාව තියෙනවා.ඒත් ප්‍රශ්නය වෙන්නෙ "හරි, ඔන්න එහෙනම් අද ඉදන් ,මෙතන පටන් ගන්න " කියලා කියන්න කෙනෙක් නැති එක...

දන්නවානේ අවිද්‍යාව........??
දුකින් නිදහස් වීම නොපෙනෙන ලොකෙට කල් දාන්නෙ අවිද්‍යාව නිසයි. චතුර්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට නොහැකි වීම තමයි හරිම හේතුව...මේකෙ පැති 4 ක් තියෙනවා...

1)අපි හැමදෙයක් දිහාම බලන්නෙ නිත්‍යක් ලෙසින්. ඒත් ඒවා අනිත්‍යයි. ඒක අවිද්‍යාව නිසා හැදුනු දෙයක්
2)බලන හැම පැත්තෙන්ම අප්ට පෙන්නෙ සැප. ඒක අවිද්‍යාවයි.
3)අපට පෙන්නෙ ලස්සන. ඒක අවිද්‍යාව.
4)තමා කියලා පේනවා...

කිව්ව දේවල් සැර වැඩි නැහැ කියලා හිතනවා. මොකද හිතන්නෙ ඔයලා...???අපි ඉන්නෙ මම මේ කියන කොටසෙ නේද?මගේ මේ වෑයම මේ සදහා මගේ හිතත් හදාගන්නවා වගේම ඔයලාගෙත් සිත් මෙය තුලට නැබුරු කිරීමට. ඒ වාගේම මම ඊලගට කතා කරන්න බලාපොරොත්තු වෙනවා "ධර්මය රකින්න ධර්මය විසින් ආරක්‍යා කරනවා" මෙහෙම කියන එකේ සැබෑ තේරුම මොකක්ද, කොහොමද අරක්‍ෂා වෙන්නෙ කියලා අපි ඊලග post එකෙන් කතා කරමු.

එහෙනම් තෙරුවන් සරණයි...

19 comments:

  1. ලිපිය කියෙව්වාට පස්සේ, අපි ඇත්තටම මොකද කරන්නේ කියාලා අයිත් හිතන්න වෙනවා

    තව දෙයක් මම දන්න විදිහට අත්ම සංකල්පයක් බුදු දහම තුල නැහැ ... [ මම වැරදිද දන්නේ නැහැ ... :) ]

    ReplyDelete
  2. @වැප් -----
    ස්තුතියි..ඔයා හරි..
    බුදුරජානන් වහන්සෙ කියන්නෙ ලෝකෙ තම වසගයෙ පවත්වගතහැකි කිසිම දෙයක් නැති බවයි.එනම් අනාත්ම බවයි.

    මම ඔය ඔතන ආත්ම කියලා තියෙන්නේ තම වසගයෙ පවතින දෙයක් තියෙනව කියන ආත්ම සංකල්පයක් ගැන නෙමෙ.....
    අපෙ මේ සංසරෙ ගමන කොතරම් දිගද කියලා ඔයලාට තේරුම් කරන්න.
    කෙසේ වෙතත් එය සදහන් කිරිම නැවතත් ස්තුතිය. එහෙම නැති උනානම් නොදැන කියවන අය වැරදි තේරුමක් ගන්නවා...

    ReplyDelete
  3. හ්ම්, හොඳ පෝස්ට් එකක්

    ඒත් මට හිතෙනවා පෝස්ට් එකේ තැන් කීපයක් ගැන කියන්න :) ඒ කිව්වේ බුදුපියාණන්වහන්සේ අනාත්ම (ආත්මයක් නැහැ) ගැන කිව්ව කතාවක් ගැන. මට හිතෙන්නෙ අපි ඒ එක පටලොවගෙන ඉන්නෙ කියලා. ඒ කිව්වෙ ධර්මාවබෝධයට අවශ්‍ය මූලිකම තැන හැංගිලා (නැත්නම හංගලා). අද ත්‍රිලක්ෂණය පටලෝගෙන.

    හැමෝම දන්නේ, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා, ඒ කියන්නෙ යමක් ස්ථීර නැත්නම් ඒක දුකයි එක නිසා අනාත්මයි කියලා, ටිකක් හොල්මං වෙන තැනක්. ඇත්තටම ස්ථීර නැති හැම දෙයක්ම දුකක්ද? හ්ම්, ඒ කියන්නෙ මට සනීප කරගන්න බැරි ලෙඩක් තිබිලා ඒක ස්ථීර නැති නිසා එක සනීප වෙනවා නම් මට දුකක්ද ? සතුටක්ද? ඇතිවෙන්නේ ???? බලංගියාම ස්ථීර නැති හැම එකක්ම දුකක් නෙමෙයිනේ.

    අනික් එක අනාත්මයි, ආත්මයක් නැති බව ඒක විස්තර කරන්නේ කොහොමද ???? මට පේන්නෙ ඒක අන්තගාමි වීමක් (ආත්මයක් තියෙනවා කියන එකේ අනික් පැත්‍ත). අන්තගාමි වීම ධර්මාවබෝධයට බාධාවක්.


    එතකොට හරිදේ මොකක්ද? අනිච්ඡ්, දුක්ඛ, අනත්ථ. ඒ කිව්වෙ යමක් නිසිසේ (කැමතිසේ) නැති නිසා එය දුකයි, ඒක නිසා එක අනත්ථයි (අර්තයක් නැහැ, අසාරයි, තේරුමක් නැහැ) කියන එක. අර මම කලිං කිව්ව උදාහරණයම අරං බලමු, මම කැමතියි ලෙඩක් නැතුව ජීවත් වෙන්න ඒ හෙම්බිරිස්සාවක් හරි හැදෙනවා ඒ කිව්වෙ මම අකමැති දේමයි වෙන්නෙ. එක නිසා අපි ආස දේවල් වලට ඇලෙනවා අකැමති දේවල් එක්ක ගැටෙනවා. අපි ආස දේවල් හැමදාම තියාගන්නයි ඕන, ඒක වෙන්නෙත් නැහැ හේතුව හටගත්ත හැම දෙයක්ම විනාශ වෙනව, වයසට යනවා, කැත වෙනවා.

    ඒ කිව්වේ අපි ආසයි කියලා බදාගත්‍ත දේත් අපි කැමති විදහට නැහැ. මේක තම ලෝක සත්වයා මුලාවට පත්වෙච්ච තැන (අවිද්‍යව - හරිදේ විද බැලීමට ඇති නොහැකියාව). හතුරෙක් හතුරෙක් විදිහට එනවානම් අපිට ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්, ඒත් ඒ හතුරම මිතුරු වේශයෙකින් ආවොත්? මෙන්න මේටික කියළා දෙන්න තමා ලොකෙට බුදු කෙනෙක් පහල වෙන්නෙ. මුලින් සර්වඥ ගෝචර වූ මේ දහම උන්වහන්සේ ලෝක අනුකම්පාවෙන් දේශාණා කලාට පස්සේ ශ්‍රාවක ගෝචර වෙනවා. ඔය මුළු අසුහාරදාහක් (අවිද්‍යාවේ විදි අසූහාරදාහක්) ධර්මස්කන්ධයම දේශාණා කලේ ඔය ටික කියන්න.

    අනික් පටලවගත්‍ත තැන තමයි බුද්ධ ධර්මය කියන්නේ ආගමක් කියන එක.

    ධර්මය - යමකින් යමක් (මේ තුන් ලෝකයට අයිති හැම දේම) දැරීම (ඒ කිව්වේ බලු කම දැරුවොත් බල්ලෙක් වෙනවා - බලු ධර්මය, මිනිස්කම දැරුවොත් මිනිසෙක් වෙනවා - මිනිස් ධර්මය, දෙවිකම දැරුවොත් දෙවියෙක් වෙන්වා - දේව ධර්මය, බ්‍රහ්ම කම දැරුවොත් බ්‍රහ්මයෙක් වෙන්වා - බ්‍රහ්ම ධර්මය, භවය උදුරා දමන (බුද්ධ) දේ දැරුවොත් නිවන් දකිනවා - බුද්ධ ධර්මය)

    ඒක ආගමක් නෙමේ, ලෝක සත්වයා සැපයි සැපයි කියා මේ විඳින දුක් කන්දාරව පෙන්නා දුන් මහ විද්‍යාවක්. ඒ මහ විද්‍යාඥයා තමා, සම්මා සම්බුදුපියාණන් වහන්සේ (ඒක නිසා විද්‍යාවක් ඉගෙන ගැනීමට දැනට මා දරන ආගම කාටවත් ප්‍රශ්ණයක් නොවිය යුතුය).

    ReplyDelete
  4. අනිච්ඡ් - කැමති සේ නැහැ (ඉච්ඡ් සේ නැහැ)

    ReplyDelete
  5. iPhone සමන්ට මොකද එක පාරටම සංසරෙ යන ගමන මතක් වුනේ (මොකාටද උඹ එන්න යන්නේ) :) ඒකට කමක් නෑ මේක හොඳ මාතෘකාවක්. මට තේරුම් ගිය ලෝක ධර්මතාවයේ අදහසත් එකතු කලාට සමන් තරහාවෙන එකක් නැහැයි කියලා හිතනවා. අපි සංසරෙ ගමන ගැන දැන ගෙන හිටියත් නොදැන සිටියත් අපි හැමෝම මේ වැහැරි වැනසෙන ජීවිතයක් අපි කැමති සේ පවත්වන්න යන එක තමයි කරන්නේ. එහෙම තැනක් අපිට ලැබුනනම් අපි අද අනිවාර්‍යයෙන්ම එතන.

    "යමක් කැමති සේ නැත්නම් ඒක දුකක් - යමක් දුකයි නම් ඒක අනාථයි"

    ReplyDelete
  6. ආත්මයි කියලා කියන්නේ තමන්ගේ යටතේ පවත්වාගන්න පුලුවන් කියන් එක ඒ කියන්නේ අපි හිතන විදියට හැමදෙයක්ම කරන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්න එකට
    උදා
    අපි ගෑනු ලමයෙක් එක්ක යාලුවෙනවා අපි හිතනවා එයා අපි කැමති විදියටම ඉන්න ඔන කියලා අපි හිකතන විිදියට අදින්න කන්න බොන්න යන්න හැසිරෙන්න ඔක්කෝම ඒ කියන්නේ අපි එයාව ආත්ම කරගෙන ඉන්නවා අපි දුක්වෙනවා එයා ගැන

    නමුත් අපිට වයසට යන එක නවත්ගන්න බැරි අපේ ශරීරෙ නවත්තගන්න බැරි අපි තව කෙනෙක් කොම පාලනය කරන්නද
    හැම දෙයක්ම අනාත්මයි කියන්නේ ඒකයි

    බොහොම පින් ලිපියට

    ReplyDelete
  7. බුදුදහම අනාත්මවාදී ඒ වගේම විඥානානවාදී නොවේ, ‍භෞතිකවාදියි.
    ඒ නිසයි ඉන්දියාවේ සමකාලීන දහස් ගණනක් ආගම් අතරේ එය විශේෂ වුනෙත් ප්‍රචලිත වුනෙත්.

    ඒ විදිහට ගත්තම ඔබගේ ලිපියේ සමහර තැන් වෙනස් විය යුතුයි.

    ReplyDelete
  8. @fiqri
    මුලින්ම ස්තුතිය....

    """ඇත්තටම ස්ථීර නැති හැම දෙයක්ම දුකක්ද? හ්ම්, ඒ කියන්නෙ මට සනීප කරගන්න බැරි ලෙඩක් තිබිලා ඒක ස්ථීර නැති නිසා එක සනීප වෙනවා නම් මට දුකක්ද ? සතුටක්ද? ඇතිවෙන්නේ ???? බලංගියාම ස්ථීර නැති හැම එකක්ම දුකක් නෙමෙයිනේ."""

    මෙය ගැන නොකියාම බැරිය.
    ඔබට සනීප කරගන්න බැරි ලෙඩක් හැදෙනවා. එතන ටිකක් නතර වෙලා බලන්න.ඇයි එහෙම වෙන්නේ... ඒ නිරෝගිකම කියන එක හැමදාම තියාගන්න බැරි නිසා එනම් අනිත්‍ය නිසා.(මම නිවරදියයි කියා සිතමි).එතන දුකක් ඇති වෙනවා නේද?බලන්නකො මේ උදාහරණය...
    අපි ලෙඩෙක් (අමරු) බලන්න ගියොත් කියන්නෙ කොහොමද ?.....එයා අද මැරෙන තත්වෙක හිටියත් අපි කියන්නෙ "ඔයාට ඉක්මනට සනීප වෙයි" ඒ වගේ කතා නේද?
    මරණාසන්න වෙච්ච තරුණ උපාසක කෙනෙක් හිටියා.(නම හරියට මතක නැති නිසා නොකියා ඉන්නම්).මෙයා ගොඩාක් අමරුවෙන් හිටියෙ.ඒ නිසා මෙයා මෙයාගේ තාත්තා අතේ පනිවිඩයක් යවනවා බුදුරජානන් වහන්සේට පුලුවන් නම් ගෙදරට වැඩම කරන්න කියලා. මෙයාට එන්න අමාරුයි කියලා.
    ඉතින් බුදුරජානන් වහන්සේ මේ ගෙදරට වැඩම කරනවා. වැඩම කරපු බුදුහාමුදුරුවො කිව්වෙ "මේ හැම දේකින්ම ඈත් වෙන්න" කියලා.ඒ ගැන හිතන්න කියලා. එතකොට මේ උපාසකයා කිව්වේ "ම්ට මම ගැන බය නැහැ.මම නැති උනාම දෙමව්පියන්ට මොකද වෙන්නෙ කියලා හිතෙනවා කියලා. ඒකට බුදුහාමුදුරුවො කිව්වෙ "ඒ තත්වෙ කොහොමත් ඇති වෙනවා, ඒ නිසා ඒගැන හිතන්න එපා" කියලා.
    බුදුහාමුදුරුවන්ට පුලුවන් කම තිබුනා. එතුමාගේ අපිරිමිත සිල්වත් කමේ බලයෙන් ඒ ලෙඩෙ සුවපත් වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න. එහෙම කලේ නැත්තෙ ඒක නෙමෙ වෙන්න ඔනෙ නිසා.

    """අනික් පටලවගත්‍ත තැන තමයි බුද්ධ ධර්මය කියන්නේ ආගමක් කියන එක."""

    බුද්ධාගම ආගමක්
    බුද්ධ ධර්මය - ඒ අපරිමාන ගුන ඇත්තා වූ නිර්මල බුද්ධ දේශනයි.(ඔබ සදහන් කල සේම)

    මේ පිලිබදව තම තමන්ට ඔනම අදහසක් ගන්න පුලුවන්.මොකද මේ ධර්මයෙ හැසිරෙන්න මේක බාදාවක් නෙමෙ.


    @Thamara....
    ස්තුතියි.
    iphone සමන් එලෙසමයි. සංසරෙ යන ගමන මතක් වුනේ අදද නොවෙයි.මම මෙලෙස වෙනස් වීමට හේතුම දැන ගන්න මගෙ කලින් post එක බලන්නකො.

    ReplyDelete
  9. @චතුරංග රූපසිංහ

    හදපිරි ස්තුතිය..

    @kas
    ස්තුතියි...
    """ඉන්දියාවේ සමකාලීන දහස් ගණනක් ආගම් අතරේ එය විශේෂ වුනෙත් ප්‍රචලිත වුනෙත්."""

    ඒකට ගොඩාක් දේවල් තියෙනවා. ඔබ කියනා දේත් සිදුවීද යන්න හරි හැටි නොදැනෙමි.ඒගැන සොයා බලා කියන්නම්.

    ReplyDelete
  10. @kas

    """බුදුදහම අනාත්මවාදී ඒ වගේම විඥානානවාදී නොවේ, ‍භෞතිකවාදියි"""

    එහෙමනම් දිව්‍යලෝකය , අපාය පෙන්නන්න පුලුවන් වෙන්න ඕනෙ නේද ?

    ReplyDelete
  11. ඉතිං මටත් හිතුනා අයි සමන්ට පොඩි කොමන්ට් එකක් දාන්න

    මල්ලි කියලා තිබුණා මෙහෙම

    "ආගමක් සොයගන්න ඕනේ ජරා මරණ වලින් නිදහස් වීම පිනිසයි"
    කියලා

    ඉතිං මල්ලි ඇයි අපිට බැරි ආගම උපයෝගී කරගන්න ඉපදීමෙන් වලකින්න

    උපත විපත ජරාවට යෑම ලෙඩ වීම මේ හැමදෙයින්ම අපි මිදෙන්න ඕන නේද

    ReplyDelete
  12. බුදු දහම ආගමක් කියල කිසිම බුදු දහම අධ්‍යනය කල කෙනෙක් කියන්නෙ නෑ. ලෝක පිලිගැනීම ඒක දර්ශනයක් කියන එකයි. ඒ උනත් බුද්ධාගම කියල එකක් තියෙන බවත් ඇත්ත. ඒ අපි අපිට ඕන විදියට හදා ගත්ත බුද්ධාගම.

    //බුදුහාමුදුරුවන්ට පුලුවන් කම තිබුනා. එතුමාගේ අපිරිමිත සිල්වත් කමේ බලයෙන් ඒ ලෙඩෙ සුවපත් වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න//

    මේ කතාවට මම එකඟ නෑ. ධම්මපදයේම තියෙන විදියට වෙලාව ආවම මරණය නවත්වන්න බුදු හාමුදුරුවන්ටත් බෑ.

    ඇයි අපට බැරි හැමෝම හැම තැනම ලියන විදියට නොලියා වෙනස් විදියකට මේ දේවල් දකින්න ? fiqri කියල තියෙන දේවල් සමහරකට මම එකඟ නැති උනත් මම ඔහුව අගය කරන්නෙ පොතේ තියෙන දේ කියවන දේ එහෙමම සාදූ කියල පිලිගන්නෙ නැතුව හිතල බලන නිසා. සත්‍යාවභෝධය කල හැක්කේ විචාරශීලී පුද්ගලයාට මිස පොත් කියවල ඒවයේ තියෙන දේ ආපහු වමාරන කෙනාට නෙමේ.

    සෝවාන් වීමට පාලියෙන් කියන්නෙ සෝතාපත්ත කියල. ඒ කියන්නෙ සෝත (ගඟ) + ආපත්ත (බැසීම) කියන එක. ගඟකට බහින්නෙ අපි ඉවුරේ ඉඳන් නේද ? එතන හරිම නොගැඹුරුයි. පහාරාද සූත්‍රයේ බුදු හාමුදුරුවෝ කියනව මේ ධර්මයත් හරියට මුහුද වගේ කියල. ඒ කියන්නෙ ඉස්සරහට යන්න යන්න ගැඹුරුයි.

    අපි පීනන්න දන්නෙ නැත්නම් කරන්නෙ ටික ටික ඉස්සරහට යන එක. එහෙම නැතුව එකපාරටම උඩින් ඇවිත් මුහුදට පනින්නෙ නෑනෙ.

    මේ විදිහේ තමාට ප්‍රත්‍යක්ෂ නොවන් දේකට වඩා ඔබතුමාට ක්‍රියාවෙන් අවභෝධ වෙච්ච දෙයක් ගැන ලිව්වනම් කොච්චර වටිනවද ? මෙහෙම කියන්නෙ ඔබ මේ ලියපු දේ අඩු තක්සේරු කරන්න නෙමේ. මීට වඩා දෙයක් ඔබට කරන්න පුලුවන් කියල හිතෙන නිසා. මගේ මේ විචාරය වර්ධනීය විචාරයක් ලෙස භාරගනී කියල හිතනව.

    ReplyDelete
  13. @චතුරංග,

    "ආත්මයි කියලා කියන්නේ තමන්ගේ යටතේ පවත්වාගන්න පුලුවන් කියන් එක ඒ කියන්නේ අපි හිතන විදියට හැමදෙයක්ම කරන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්න එකට"

    මේකට කියන්නෙ ආත්මයි කියළා නෙමෙ, ඒකට කියන්නෙ තමා කැමතිසේ පවත්වන්න යනවා කියන එකට (නිච්ඡයි කියන එකට). ඕක කොරගන්න ගිහින් තමා ලෝක සත්වයා සංසාරෙ දික්කරගන්නේ. තමන් කැමති දේට ඇලෙනවා ඒක වෙනස් වෙන කොට ගැටෙනවා.

    "උදා
    අපි ගෑනු ලමයෙක් එක්ක යාලුවෙනවා අපි හිතනවා එයා අපි කැමති විදියටම ඉන්න ඔන කියලා අපි හිකතන විිදියට අදින්න කන්න බොන්න යන්න හැසිරෙන්න ඔක්කෝම ඒ කියන්නේ අපි එයාව ආත්ම කරගෙන ඉන්නවා අපි දුක්වෙනවා එයා ගැන "

    මේකටත් කියන්නෙ තමන් කැමති සේ ඒ ගෑනු ලමයව පවත්වන්න හදනවා කියන එකට. ආත්මයි නෙමෙ..

    "නමුත් අපිට වයසට යන එක නවත්ගන්න බැරි අපේ ශරීරෙ නවත්තගන්න බැරි අපි තව කෙනෙක් කොම පාලනය කරන්නද හැම දෙයක්ම අනාත්මයි කියන්නේ ඒකයි"

    බුද්ධ දේශණාවේ, මේකට කියන්නේ අනාත්මයි නෙමෙ, අනථයි (අසාරයි, හරයක් නැහැ) කියන එකක් මිසක් ආත්මයක් නැහැ කියන එක නෙමෙ. තමන් කැමති දේට (හැමතිස්සෙම බලන්නේ තරුණ වෙන්න, ඩයි ගානවා, එක එක ජාති බෙහෙත් බොනවා) ඇලෙනවා ඒක වෙනස් වෙන කොට ගැටෙනවා, ඒක නිසා ඒක දුකක්. අන්න ඒ දුක් වැඩපිලිවල හොඳයි කියලා කරන එක තමයි අසාර (අනත්ථ). නැතුව අනාත්ම නෙමෙ.

    @isaman

    "බුදුහාමුදුරුවන්ට පුලුවන් කම තිබුනා. එතුමාගේ අපිරිමිත සිල්වත් කමේ බලයෙන් ඒ ලෙඩෙ සුවපත් වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න. එහෙම කලේ නැත්තෙ ඒක නෙමෙ වෙන්න ඔනෙ නිසා"

    උන්වහන්සේ ලෝකෙට පහළවුනේ එක එක්කෙනාගේ කායික, මානසික ලෙඩ සනීපකරන්න නෙමේ. ඒකට ඕන තරම් වෙදමහත්වරු ඉන්නවා. උන්වහන්සේ ලෝකෙට පහළවුනේ ලෝක සත්වයා සංසාර රෝගයෙන් ගලවගන්න.

    "ඔබට සනීප කරගන්න බැරි ලෙඩක් හැදෙනවා. එතන ටිකක් නතර වෙලා බලන්න.ඇයි එහෙම වෙන්නේ... ඒ නිරෝගිකම කියන එක හැමදාම තියාගන්න බැරි නිසා එනම් අනිත්‍ය නිසා.(මම නිවරදියයි කියා සිතමි).එතන දුකක් ඇති වෙනවා නේද?"

    ඉතින් අයෙත් හැදෙන ලෙඩෙත් අනිත්‍ය නිසා, සනීප වෙනවානෙ ඉතින් මට සතුටක් නේ.

    ReplyDelete
  14. @nishantha ----
    ස්තුතියි...

    """ඉතිං මල්ලි ඇයි අපිට බැරි ආගම උපයෝගී කරගන්න ඉපදීමෙන් වලකින්න"""

    අයියේ...
    ඒක කරගන්න පුංචිම පුංචි උත්සහයක් නේද අපි මේ ගන්න හදන්නේ...(කරන්න අමාරු උනත්)

    @තරිදු....
    ස්තුතියි. මම බලාපොරොත්තු උනා ඔබ comment එකක් දායි කියලා...

    """මේ කතාවට මම එකඟ නෑ. ධම්මපදයේම තියෙන විදියට වෙලාව ආවම මරණය නවත්වන්න බුදු හාමුදුරුවන්ටත් බෑ."""

    ඔබ හරි.(බුදුරජානන් වහන්සේද කියු බව දනිමි.)මමද එය පිලිගනිමි. බුදුරජානන් වහන්සේද අවසන් කාලයේ බොහොම ලෙඩ වෙලා තමා පිරිනිවන් පෑවෙ.මම අදහස් කල දෙය පැහැදිලි නොවීම පිලිබද මාගේ කනගාටුව.

    """මේ විදිහේ තමාට ප්‍රත්‍යක්ෂ නොවන් දේකට වඩා ඔබතුමාට ක්‍රියාවෙන් අවභෝධ වෙච්ච දෙයක් ගැන ලිව්වනම් කොච්චර වටිනවද ? """

    ප්‍රත්‍යක්ෂ උන දෙයක් ලියන එකෙනන් ධර්ම ගැටලු නිරාකරණය වෙන්නේ නැහැ නේද?
    ක්‍රියාවෙන් අවබෝද වෙන කියන එකෙන් අසහස් කරන්නෙ කුමක්දැයි නොදනිමි.


    @fiqri ---
    නැවතත් ස්තුතිය.
    """උන්වහන්සේ ලෝකෙට පහළවුනේ එක එක්කෙනාගේ කායික, මානසික ලෙඩ සනීපකරන්න නෙමේ. ඒකට ඕන තරම් වෙදමහත්වරු ඉන්නවා. උන්වහන්සේ ලෝකෙට පහළවුනේ ලෝක සත්වයා සංසාර රෝගයෙන් ගලවගන්න."""

    පිළිගත්තෙමි.මාද අදහස් කලේ එයයි.

    ReplyDelete
  15. ම්ම්... මම නම් ඉපදුණේ බෞද්ධ පවුලක. ඒත් දැන් නම් මම කිසිම ආගමක් එක්ක බැඳිමක් නැහැ. බෞද්ධකමත් අත්හැරියා. මට දැනෙනවා එහෙම ජීවත් වීම ගොඩක් නිදහස් බව. මගේ සීමාව මොකක්ද කියල මම දන්නවා. මගේ පාඩුවෙ ඉන්නත් මම දන්නවා. මම කරන්න ඕනෙ මොනවද කියලත් මම දන්නවා... මොකටද ආගමක්?

    හැබැයි,
    මගේ ජීවන දර්ශනයේ බැක්බෝන් එක තාමත් බෞද්ධ දර්ශනයම තමයි. ඒත් කරන හැම දේකම හරි වැරදි බෞද්ධ දර්ශනයට අනුව පමණක් තීරණය කරන සිරිතක් නෑ. ඕනම ආගමකින් මට හොඳයි කියල හිතෙන දේ මම ගන්නවා.... may be Satanism too!
    අවුරුදු 2500කට අධික කාලයකට පසු අපි ඉගනෙගන්නා මේ ධර්ම කරුණු පවා වෙනස් නොවී තියෙනවා කියන්නෙ කොහොමද? ඉතින් වඩා සුදුසු දේ බෞද්ධ දර්ශනයේ මූලික හරයෙන් තමන්ගේ ජීවන දර්ශනය තමන් විසින්ම නිර්මාණය කර ගැනීම.
    මම කිසිම දෙයක් අදහන්නෙ නෑ. මට හිතුණොත් යමක් හරි කියලා.... මම ඒ විධියට ජීවත් වෙනවා. කිසිම හැඩයක් නෑ... සීමාවන් නෑ... මගේ දර්ශනය ඇතුළත ඕනෙම දෙයක් ඕනෙම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්.

    ආ... තව එකක්.... මම තෙල බෙදන්නෙත් නෑ.. ඒ කියන්නෙ මගේ පාඩුවේ මට ඕන විධියට මම ඉන්නවා. :-)

    ReplyDelete
  16. ඔව් මමත් එකඟයි ශාකුන්තලගේ අදහසට .. අපි කියන කරන දේ හරි නම් එච්චරයි .. හැබැයි ඒ බව තේරැම් ගන්න බුදුදහම දර්ශනය මනා පිටුවහලක් බව අවිවාදිතයි

    අයිසමන් .. මචෝ ඔය අනිත්‍ය කියන කාරනාව ගැන අලුත් ලිපියක් ලියපන් .. එවිට මීට වඩා හොඳ සන්වාදයක් ගෙනියන්න පුලුවන් ....

    ReplyDelete
  17. @ශාකුන්තල ---

    ස්තුතියි.

    @වැප් ---
    නැවතත් ස්තුතියි.

    මමත් හිතුව ඒක් එහෙම කලොත් හොදයි මම දාන්නම් අලුත් post එකක්. ඒකෙන් අපට මේ ධර්ම ගැටළුව නිරකරනය කර ගන්න පුලුවන්...

    ReplyDelete
  18. @ශාකුන්තල, මට හිතුනා ඔබේ අදහසට එකක් එකුතු කරන්න,

    බුදුදහමේ මෙන්න මේදේත් තියෙනවා,

    "යම් කිසි වැඩපිළිවෙලකින්, තමාටත් අනුන්ටත් අවැඩක් සිදුවේනම් එය නොකරන්න"

    ඔය ටිකෙන් හැම දේම ගැබ් වෙල තියෙනවා.

    ReplyDelete
  19. ඔන්න වැප් කියපු විදිහට අලුත් එකක් පටන් ගත්ත.
    http://i-saman.blogspot.com/2010/02/blog-post_25.html
    ඔකත ගිහින් බලානකොකො

    ReplyDelete