අද කියන්න යන්නෙ ටිකක් වෙනස් කතාවක්.පහුගිය දිනක අපි ගියා දානයක් දෙන්න පිස්සන් කොටුවට.දන්නවානෙ පිස්සන් කොටුව.මුල්ලෙරියාව, අංගොඩ එහෙම තියෙන්නෙ.අපි ගියේ එකේ ඉන්න අයට ice creem දෙන්න. ඒ කියන්නෙ ice creem දානයක් දෙන්න. ඒකෙ ඇතුලෙ වෙන දේවල් ගොඩාක් අය දන්නෙ නැහැ. හිතුනා පොඩ්ඩක් ඒ ගැන කියන්න. එහෙ ගිහිල්ලා ඒ දේවල් දැකලා හොයලා තේරුම් ගත්තට පස්සේ තමා ඒ අය ගැන මට හිතුනෙ කියලා මම කියන්න ඕනෙ. ඉතින් ඔයාලට ඔය අත්දැකීම නැති නිසාත්(මේ දේවල් දන්න අයත් ඇති) මෙහෙමත් ජීවිත අපි අතරේ තියෙනව කියලා ඔයාලට තේරුම් යන්න ඕන නිසාත් මේ post එක දාන්න හිතුනා.
අපි මානසික ආබාද ඇති අයව දකින්නෙ නැහැනේ හරියට. මම කියන්නෙ අපි තේරුම් ගන්න උත්සහ ගන්නෙ නැහැනෙ. ඒකයි.මේ ජීවිත හොදට තිබුන ජීවිත කියලා අපිට හිතෙන්නෙ නැහැනෙ. මටත් හිතුනෙ නැහැ.ඒත් ඒ ගමනෙන් පස්සෙ මට තේරුනා. එහෙම මට හිතුනේ ඇයි කියලා මම කියන්නම් ඔයාලට.
එක මැද වයසේ පිරිමි කෙනෙක් මෙහෙම කිව්වා..."අනේ මෙන්න මේ ලිවුම අපේ අක්කට තැපැල් කරන්න" කියලා. ඒක මීට කලින් කෙනෙකුට දෙන්න හැදුවත් ඒක හරි ගියෙ නැහැ කියලා.ඒකෙ තිබුන කුඩා කොටසක් මම කියන්නම්.
"අක්කෙ උබලා හිතන්න එපා මම මෙහෙ සතුටින් ඉන්නවා කියලා. මම මෙහෙ ඉන්නෙ සතුටින් නෙමෙ.උබලා මාව මෙහෙට ගෙනත් දාලා මගේ ඉඩකඩම් එහෙමත් අරගෙන සතුටින් ඇති.මට පිස්සු නැහැ උබලා එහෙම හිතුවට.ඇගට අල්ලන කරන්ට් එක කොයි තරම් රිදෙනවාද? මට ඉවසන්න බහැ." මම ඔය සදහන් කලේ එහි සදහන් කුඩා කොටසක් පමනි.
ඉතින් හිතගන්න පුලුවන් නේද ඒ දේවල් බලනකොට ඇති වෙන හැගීම..
තව එක ගැහැනු කෙනෙක් මෙන්න මෙහෙම කියනවා
"අනේ මගෙ මහත්තය එයි නේද මම බලන්න. එයා කොයි වෙලාවෙ හරි එයි. මම මේ ඉන්නෙ එයා එකකල්. එයා එනවා කිව්ව නේද ? ඒක අහපු මම මේ දේවල් ගැන පොඩ්ඩක් හොයන්න හිතාගෙන එයාගේ වතගොත පොඩ්ඩක් හොයන්න හිතාගෙන එතන හිටපු හෙද මහත්තයෙකුගෙන් මේ ගැන ඇහුවා. "මොකද එයා එහෙම ඉන්නෙ , කියන්නෙ කියලා". එයා මට කිව්ව, කාලයකට පෙර මෙයා විවාහ වෙලා බොහෝම සතුටින් හිටියා කියලා. ඒ වාගේම මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ එයාගේ මහත්තයා වෙන ගැහැනු කෙනෙක් එක්ක ජීවත් වෙලා තියෙනවා. එයාට ඒදේ දරාගන්න බැරිව පිස්සු හැදුනා කියලා තමා මට කිවවේ.ඉතින් බලන්නකො ඒ ජීවිත වල හැටි. මේ දේවල් මෙහෙම දැනගන්න කොට අපිට තේරෙනවා නේද අපි මේ දේවල් ගැන තව හිතන්න ඕනෙ කියලා.
ඒ අතර තව වයසක (ටිකක්) පිරිමි කෙනෙක් හිටියා. එයා හිටියේ කැරම් බොර්ඩ් එකේම තමා. එයා කරන්නෙ තනියෙන් කැරම් ගහන එක.එයගේ වාරෙ එයා ගහලා නැගිටලා ගිහිල්ලා අනික් පැත්තෙන් ඇවිත් අනිත් කෙනාගෙ වෙනුව ගහනවලු. මේ අතර මට මෙන්න මේ දෙයත් දැනගන්න ලැබුන මේ කියන පුද්ගලයා ගැන. traing වෙන nurse ලා දන්නවා ඇතිනේ ඔයාලා. ඔය අය මාස 2කට වගේ පුහුනුවකට අංගොඩ , මුල්ලේරියව වගේ ඒවට දානවලු. ඉතින් මේ අයත් ඔය මම කලින් කිව්ව පුද්ගලය එක්ක කැරම් ගහනවලු. එහෙම කරලා ඔය මාස 2ක් ගෙවුනම අර අය ආපහු යනවා. මේ කැරම් ගහන කෙනා වගේම අනික් අයටත් ඒ අයට දෙන බෙහෙත් වැඩිපුර දෙන්න ඕනෙ වෙනවලු.එය සදහන් කලේ මෙසේය. "ඔය අයනම් මේ අය එක්ක ඉදලා යනවා.එහෙම උනාම මේ අයට දෙන බෙහෙත් වැඩිපුර දෙන්න ඕනෙ අපියි". ඔන්න ඔහොම වෙන්නෙ ඇයි දැයි මම හොදනිමි. අමතක උනා. මේ කියන කෙනා කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා හැර කතා කලේ නැහැ.
මෙසේද සිදු විය. එක ගැහැනු කෙනෙක් අපි අතර ගිය තවත් ගැහැනු කෙනෙකුට ගොඩාක් කරදරයක් උනා. ඒ කියන්නෙ එයා මේ ගැහැනු කෙනා ගාවින් යන්නෙ නැති තත්වෙකට පත් උනා. "අනේ ඔයා හරි ලස්සනයි. ඔයා හරි හොදයි" ඔන්න ඔය වගේ. ඉතින් අන්තිමට වෙනම කාමරයක ඉන්න උනා අර කෙනාට අරයා ඈත් වෙනකන්.
මෙලෙසද දුටුවෙමි. කෑම වෙලාවට ඔක්කොම පෝලින් වෙනවා ලස්සනට. ice cream ඉක්මනට කලා අයෙත් පෝලිමට යන අයත් හිටියා.
මේ පිස්සු මනුස්සයන් අතරේ ඒ අයගේ නායකයෙක්ද සිටියා. ඔහු තමා මේ අයව පාලනය කරන්නෙ. නලා ඉවර උනාම "හා හා ඇති උබ නෑව" වගේම හැම අවශ්තාමකදීම ඔය විදිහට කියනවා.
සම්හරුගේ ඇදුම් ගොඩාක් ලොකුයි. තවත් සමහරුන්ගේ ඇදුම් මදි. ඒ ඇයි කියලා මම දැනගත්තා. ඒ තමා ඒ අයට අදින්න තමන්ටම කියලා ඇදුමක් නැති නිසා. ඇදුම් ඔක්කොම එකට තමා තියෙන්නෙ. අද අදින එක එයාලට හම්බ වෙන්නෙ නැහැනෙ එහෙම උනාම. ඉතින් මේ කාරනේ නිසා තමා ඔය විදියට වෙන්නෙ.
ඔන්න දැන් අපි හැමෝටම හිතලා බලන්න පුලුවන් දෙපාරක් අපේ සමාජයෙ කොයිතරම් අසරන වුන අය ඉන්නවද කියලා මේ විදිහට. ඔය මම දැක්ක දේවල් සහ දැනගත්ත දේ විතරයි. අපිට තව ගොඩාක් දේවල් තියෙනවා නේද මිනිස්සු ගැන හිතන්න. මේ දෙවල දකිනකොට කොයිතරම් අසරන වෙනවාද කියලා ඔයාට මේ අත්දැකීම අත්වින්දොත් තේරෙයි. මේක කියවපු ඔයාලත් අසරන වුනා නේද පොඩ්ඩක් හරි. අපි නොදන්න කොයිතරම් දේවල් තියෙනවාද මේ සමාජයෙ කියලා ඔයාලට තේරුනා නේද ?
ඉතින් ඔයාලටත් පුලුවන් මේ අයට දානයක් උනත් දෙන්න. කවදාහරි දවසක ඉතුරු වෙන්නෙ අපි කරපු පිං විතරයි කියලයි මගේ නම් අදහස.
Subscribe to:
Post Comments (Atom)
Saman,
ReplyDeleteඅපිට හරි සතුටුයි මචං උඹ සනීප වෙලා ගෙදර ආව එක ගැන. මට මතකයි උඹව ගෙනියන කොට කෑගහපු හැටි, ඒත් ඒ හැමදේම අපි කලේ උඹව සනීප කරන්න කියල උඹ දන්නවනේ.. (මගේ ඇස්වල සතුටු කඳුළු :'( )
@fiqri ---
ReplyDeleteහ්හා හාහා.... කොහෙද ඉතින් මට මතකයැ ඕව....
සමාජයේ නොදකින පැතිකඩක් ගෙන හැර දැක්වීම පිළිබද මගේ අචාරය
ReplyDelete[
හපොය් මාතෘකාව දකිද්දි මටත් ෆුල් අප්සෙට්, අනේ අපේ අයිසමනුත් එහෙනම් XXXXXX උනා කියලා ...
කොහොමින් කොහොම හරි මූව සනීප කරගත්ත එක ලොකු දෙයක් නැත්නම් අයිෆොන් වැඩ බලන කට්ටයට තමයි යන්න වෙන්නේ අංගොඩ ...
]
උඹ හිටපු විදිය මතක් වෙද්දි මං නං හිතුවේ උබටනං කවදාවත් හොද වෙන එකක් නෑ කියලා. මතකද උඹට අපි එක්ක යන කොට හිස් සිකරට් පෙට්ටියක් අරගෙන මගෙ iPhone එක කිය කිය දුලානිට (මම කීවේ අපේ දුලානි නෙමෙයි හොදේ) කෝල් ගත්තා.
ReplyDeleteමේ කතා ඇහුවම මට හිතෙන්නේ අයිෆොන් වැඩත් මූට පිස්සු තදවෙලා ඉන්න කාලේ කරපු එකක් කියලයි
ReplyDeleteඅනේ චෝයී...
ReplyDeleteඅපි ගැන ලියලා.. බොහොම ස්තූතියි..
@වැප් ----
ReplyDeleteබලන්න වැපෝ, සමාජෙට නොදන්න දෙයක් කියන්න ගියා....
දැන් නම් මට ඇත්තටම පිස්සු හැදෙයි.
@Thamara ---
ReplyDeleteහා හ්හාහ්හා...මටනම් ඔහොම මතකයක් නැහැ. එහෙම වෙලා හිටියනම් මම දැන් ඔයාලත් එක්ක ඉන්නවට වඩා ඒ පිස්සන් කොටුවේ හිටියානම් හොදයි.
@nishantha ---
:)හ්හා හා හා....
@පිස්සා ---
ඒගැන පොඩ්ඩක් ලියන්න ඕනෙ කියලා හිතුනා.
බොහොම වැදගත් ලිපියක්. මාත් ළඟදි Ten Days in a Madhouse කියල පොතක් කියෙව්වා. මාධ්‍යවේදිනියක් පිස්සන්කොටුවක ඇත්ත ස්වභාවය ලෝකෙට පෙන්නන්න පිස්සියක් විදියට වෙස්වලාගෙන ගියපු කතාවක් තියෙන්නෙ. මේ ගැන උනන්දුවක් තියෙන අය කියවන්න.
ReplyDeleteසමාජෙ ඇතුලේ අපි නොහිතන කොච්චර දේවල් ඇත් ද???
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@තමීර ---
ReplyDeleteස්තුතියි, ඒ පිලිබදව සදහන් වෙන පොතක් නමක් එහෙම දැම්මට...
@vudara ---
ස්තුතියි. ඒක තමා අපි නොදන්න තව කොයිතරම් දේවල් ඇතිද ?
මූට දැන් හැදිලා තියෙන්නේ මනමාල පිස්සුව
ReplyDelete@local ulama
ReplyDeleteහිහිහ් හ්...
අනේ උලමො ....
මේ local එකාද ? international එකාද? දැන් email එකක් හදලා comment දාන්නෙ. උබට මනමාල පිස්සුව හැදුනම මෙහෙමද හැසිරුනෙ... හ්හ්හ්හාහා....
හිහ් හිහ් හිහ්
ReplyDeleteමල්ලි පිස්සුනේ කෙලින්නේ.
වෙලාවකට හිතෙන්නේ නැද්ද හොඳටම පිස්සු හැදුනනම් හොදයි කියලා, පිස්සුවක් කෙළගෙන ආතල් එකේ ඉන්න තියෙනවා නම් කියලා. මටනම් හිතෙනවා.
ReplyDeleteඋපතේ සිටම රෝගය පවතින අය හැරුනම, අනිත් අය මේ තත්වයට පත්වීම ගැන ඔවුන් ආශ්‍රය කරපු අය වගේම සමාජයත් වගකියන්න ඕනේ.
ReplyDelete***
බ්ලොග් ලිපියක් ලියනකොට අමාරුවෙන් ලිඛිත භාෂාව යොදාගන්න මහන්සි වෙන්න ඕන නෑ. බ්ලොගයක් කියන්නේ අවිධිමත් සංනිවේදන මාධ්‍යයක් නිසා ලිඛිත භාෂාව, වාචික භාෂාව සහ එහි සංකලනයන් ඔබේ ශෛලියත් සමග ඔබට ඕනෑහැටියට භාවිතා කරන්න. ඇතැම් තැන්වල අසීරුවෙන් ලිඛිත භාෂාව භාවිතා කරන්නට යාම නිසා තේරුම් ගැනීමේදි අපහසුතාවයට පත් වන්නට කියවන්නන්ට සිදුවෙනවා.
@ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදර ---
ReplyDeleteඔව් ඒකෙත් ඇත්තක් තියෙනවා. එතකොට මේ මොකුත් අපට තේරෙන එකක් නැහැනෙ.
@budhajeewa ---
අලුත් අදහසක් ඉදිරිපත් කලාට ස්තුතියි.
බලන්න one flew over the cuckoo's nest.
ReplyDeleteමානසික රෝගියෙකු කියන්නේ ගොඩක් ආදරෙන් රැක බලාගතයුතු කෙනෙක්නේ. එතකොටනේ ඉක්මනට සනීප වෙන්නෙ. ඒත් මේ විදිහට බැළුවම ඒගොල්ලන්ට කවදාවත් සනීප වෙන්නෙ නැති වෙපයි නේද?
ReplyDeleteමගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් හිටියා නර්ස් කෙනෙක් විදියට
ReplyDeleteඑයා කියන කතා ඇහුවම අපිට පිස්සු හැදෙනවා
කොහොම වුනත් නොදකින නෙපෙනෙන පැතිකඩක් ගැන සංවාදයකට උත්සාහ කලාට ඔබට තුති
@chamila_dealwis ---
ReplyDeleteස්තුතියි. ඔය තියෙන්නේ තව පොතක්..
@දසයා ---
අනේ මන්දා ..
@චතුරංග රූපසිංහ ---
ස්තුතියි ඔබටත් අදහසක් දුන්නාට. ඒ වගේ කෙනෙක්ගෙන් ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් ඔය ගැන.
මට නිකමට මෙහෙම හිතුනා...
ReplyDeleteබැරිවෙලාවත් පිස්සෙකුට අයිපෝන් එකක් ලැබුනොත් මොනවා කරයිද?
හැබැයි මේකේ අයිතිකාරයා වගේ පිස්සු කෙළින එකක් නෑ.
අත්තටම දුක හිතෙනවා...
ReplyDeleteපිස්සු කියන එක මනින මිම්ම නිරපේක්ෂ නැති වීමම පිස්සුවක්
/බිඟුවා...!