ඊයෙ කවදාද කියලා කටවත්ම කියන්න ඕනෙ නැතිව ඇති. ඒ 5 වසරේ ඉන්න ළමයකුගෙන් ඇහුවත් ඊයෙ කවදද කියලා කියන්න ඒ ළමයි දන්න නිසා. blog කියවන අය හොදටම දන්නවා ඊයෙ අදරවන්තයින්ගෙ දවස කියලා. පිටරටින් අපට ලැබුනු දේවල් අතරින් ගොඩාක් අය කැමති දෙයක් මේක. ගොඩාක් අය කැමතියි පිටරටින් අපට ලැබෙන මෙන්න මේ වගෙ දේවල් ඉස්මුදුනෙන් පිලිගන්න. ඒ ඇයිදැයි කියන්න මමද නොදනිමි. ඒ වගේම මේ වගේ දෙවල් හැම දෙනා අතරම ජනප්‍රිය වෙන එකද වලකා ගැනීමට අපහසු වී ඇත. මෙන්න මේ කියන උන්මාදය දැනට අවුරුදු 3-4 කට පෙර යම්තාක් දුරට වෙනස් කරන්න උත්සහයක් ගත්ත කෙනෙක් හිටියා. කියන්න සතුටුයි අද වෙනකොට ඒ උත්සහයේ ප්‍රතිඵල අපට ඊයෙ දැකගන්න පුළුවන් උන නිසා. පෙබරවාරි 14 වෙනිදාට තමන් ආදරය කරන කෙල්ලට එහෙමත් නැත්නම් කොල්ලාට රෝස මලක් දෙන සන්කෘතිය අද වෙනකොට වෙනස් වෙලා. අද වෙනකොට තරුණ අය මේ දෙන්න හිතාගෙන හිටිය රෝස මල් ටිකත් අරගෙන යන්නෙ පන්සලට. ඉතින් මෙන්න මෙ දේ ඊයෙ උනෙ කැලණි පන්සලෙ. ඒ කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවගෙ ප්‍රධානත්වයෙන්. අවුරුදු 3-4 කට පෙර මේක(මේ දවසට රෝස මල් දෙන එක) වෙනස් කරන්න උත්සහා දැරුවෙ මම මේ කියපු හාමුදුරුවො තමයි. ඊයෙ දවසේ රෝස මල් වලින් වෙහෙරෙ කොටසක් සරසලා තිබුනෙ. ඉන් පස්සේ බන පොඩ්ඩක් අහනකොට හිතට දැනෙන නිදහස කියලා නිම කරන්න බැ. වෙහෙර වටේ (කොටසක) බලන්න ලස්සනයි. අපට වෙන වෙලාවක එකතැන ඉදගෙන ඉන්න බැරි උනාට මෙතන පැය ගානක් ගෙවුනා ඇත්තටම අපහසුවක් දැනුනේ නැ.
බිදුනු හිත් ඇති අයට අපහු හිත සුවපත් වෙන්න පිනක් දහමක් කරන්න ආපු ගොඩාක් අය හිටියා, ආදරෙන් ඉන්න අය හැමදාම ඒ විදිහට ඉන්න පුළුවන් වෙන්න ප්‍රර්ථනා කරපු, ජීවිතෙ සතුටින් ගෙවන්න උපදෙස් ගන්න බහුතරයක් ඇවිත් හිටියා. ඒ විතරක් නෙමේ. වයස් ගත දෙමවුපියො ගොඩාක් ඇවිත් හිටියා. පොඩි නංගිල, මල්ලිලා ඇවිත් හිටියා. ගනන්කරන්න බැරි තරම් සෙනගක් ඇවිත් හිටියා.
දැනට පිරිහෙමින් පවතින අපේ සාරධර්ම ඉදිරියෙදිත් කොහොමද පවත්වගන්නෙ , බෝසත් චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ ගැන තමා අපේ පින්වත් ස්වාමීන්වහන්සේ අපට කියලා දුන්නේ.
මම මේ සහභාගී වූ පලමු වෙවැනි වැඩසටහනයි. මෙතන සිට මමද හැම වැඩ සටහනකටම සහභාගී වීමට අදිටන් කර ගතිමි. ඔයාලටත් පුළුවන්නම් ඇවිත් බලන්න. මෙවැනි යොවුන් වැඩසටහන් ගොඩාක් පැවැත්වෙන්වා කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවගෙ අනුශාශකත්වයෙන්. ලබන අවුරුද්දෙ පෙබරවාරි 14 වෙනකල් බලන් ඉන්න ඕනෙ නැ. එන්න ලැජ්ජා ඇති කර ගන්න එපා. එක දවසක් ඇවිත් බලන්න. ඔයලාට හිතියි හැමදාම එන්න. මම අත්දැකීමෙන් කියන්නේ. තරුණ අය තමා ගොඩාක් ඉන්නෙ. වයස යනකොට ඇතිවෙන ප්‍රශ්නෙ තමා "මේවා කරන්න දැන් අපට කාලයක් නැ. අනේ අපට මීට කලින් මේ දේවල් දැනගන්න තිබුන නම්" කියලා. ඉතින් තරුණ අපට ඔය ලැබිලා තියෙන්නේ හොද අවස්ථාවක්. "අනේ තව අපට ඕවට කල් තියෙනවා. වයසට ගියාම බැරියැ" (සමහරු මට මෙහෙම කියලා තියෙනවා. ඒ වාගේම මමද එම මතය අනුමත කල කාලයක්ද තිබින.) කියලා ඉදලා වයසට පත් උනාම අර විදිහට( "මේවා කරන්න දැන් අපට කාලයක් නැ. අනේ අපට මීට කලින් මේ දේවල් දැනගන්න තිබුන නම්" )
මේ දෙයද නොකියාම බැරිය. අපි ගොඩාක් ස්වමීන් වහන්සේලාට ගෞරව කරන්නට අකමැති බවක් තියෙනවා. ඒ අපි දන්න ස්වාමීන් වහන්සේලාගේ අකටයුතු කම් නිසායා. මාද කලකට පෙර මේ මතයෙ සිටියා මතකය. ඒ මම ඒ පිලිබදව අනවබෝධයෙනි. අද මට ඒ දෙය තේරී ඇත. ඔබලාද දැනුවත් කිරීමට කැමැත්තෙමි. අපට හමුදුරුවගේ හැසිරීම වැදගත් නැත. අප ගරු කරන්නේ බුද්ධ ශාවකයෙක් වූ නිසාය. අපි ගුරුවරයෙක් ගාවට යන්න තීරණය කරන්නේ. මොනවාහරි ඉගෙන ගන්නය. එහෙම වෙනකොට අපිට ගුරුවරයාගේ චරිතය වැඩක් නැත. පුද්ගලික ජීවිතය වැඩක් නැත. අපට හරියට උගන්වහවානම් එපමනය. අපි ඒ දෙය විතරක් ගන්නේය. ඉහත සදහන් කල දෙයද එලෙසමය. අපි කරන ගෞරවයෙන් අපට පිනක් ලැබේ. එතුමන්ලා කරන පව් එතුම්න්ලාටය. එහෙම කරන්න අමාරු කටයුත්තක් කියලා හිතන අයට මේ දෙයින් ඒ පිලිබදව උනන්දුවක් ඇති වීම පිනිස මේ පිළිබදව සදයන් කලෙමි.
කිරිබත්ගොඩ ඤානානන්ද ස්වමීන් වහන්සේ පිලිබද නොකියාම බැරිය. මා දන්නා පරිදි මෙහි වාසය කරන පින්වත් ස්වමීන් වහන්සේ අතරින් එක් ස්වමීන් වහන්සේ නමකි.(මෙසේ සදහන් කලේ ඉහත සදහන් කල ස්වමීන් වහන්සේලා අතරට මෙතුමාත් අතුලත් කරාවි යන බියනි.)
මා සැකසූ මෙම ලිපියෙන් එක් අයකුගේ හෝ සිත කුසලට යොමු වී නම් ඒ මගේ සතුටය........
එහි පින්තූර කිහිපයක් ඔබට දැක ගැනීම පිනිස මෙසේ අතුලත් කලෙමි. අපහැදිලි බාවය පිලිබදව සමාව අයදිමි.
